තමන් ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එදා පෝලිම්වල දුක් විඳි ජනතාව රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බවයි. තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ඒ සියල්ල නිවැරදි කිරීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය දෙවසර තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේදී ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here