Local
ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

Hot News
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට ඇති වූ ආරවුලක් මත බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන්.
මීට පෙර ද සැමියාගේ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙන බව සඳහන්.
ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඝාතනය කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Hot News
Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පාපැදිකරුවෙකු සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම පාපැදිකරු හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, මලියදේවපුර පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකි.
සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)
Hot News
මහනුවර මහ නගර සභාවෙන් කැකිල්ලේ තීන්දුවක්

මහනුවර මහ නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදුකරුවෙකු ගෙන් තවත් අයෙකුට පැවරීමේදී ගාස්තු වශයෙන් අය කළ රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අසූතුන් දහසක මුදලක් නගර සභාවේ ගිණුමට බැර නොකර නගර සභාවේ ආදායම් අංශයේ කළමනාකරණ සහකාරවරියක විසින් වංචා කළ බව කියන සිද්ධියට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වනතෙක් කඩ කාමර මුද්‍රා නොතබන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
කටුගස්තොට මැණික්කුඹුර සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ කඩ හිමියන් පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා හමුවී කළ ඉල්ලීමකට අනුව ආණ්ඩුකාරවරයාගේ දැනුම්දීම මත පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා වෙත යොමුකර ඇත.
කඩ කාමර පැවරීමේදී නගර සභාවේ නිලධාරීන් සිදුකර තිබෙන මූල්‍ය වංචාව හා අධීක්ෂණ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ අවසන් වනතෙක් කඩ කාමර මුද්‍රා නොතබන ලෙසත් අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තාව තමන් ලෙස බාරදෙන ලෙසත් ආණ්ඩුකාවරයා දැනුම් දී තිබෙන බව මේනක හේරත් මහතා කොමසාරිස්වරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.
නගර සභාවේ නිලධාරිනිය සිදුකළ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක පමණ මුදල් වංචාව නීතිමය පියවර හරහා ඇයගෙන් අයකර ගනු වෙනුවට මෙම කඩ කාමර මුද්‍රා තැබීමට මහනුවර මහ නගර සභාව උත්සාහ කිරීම කැකිල්ලේ තීන්දුවක් බව එම කඩ කාමර හිමියෝ පවසති.(කේ.එල්. සුරවීර මහනුවර)
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්