ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක්ව තිබේ.
ලහිරු ඊයේ (28) පැවති පුහුණු සැසියකදී ආබාධයට ලක්ව ඇති බවත් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වන බවත් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හිදී පැවති තරගයේ වීරයා බවට ද පත්විය.
මේ අනුව ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව සංචිතයට කැඳවා තිබෙනවා.