ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින සජීවි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ විදෙස් සමාගම් වෙත විකිණීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.
පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, මෙම වීඩියෝ ඔස්සේ ලාභ ඉපයීමට ඇති හැකියාව හේතු කොටගෙන මෙවැනි ක්‍රියාකරම් මෑතක සිට බහුල වශයෙන් වාර්තා වන බවයි.
විශේෂයෙන්ම මෙම ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවට සැකපිට වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ තරුණියන් සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි ගණනක් ලැබී ඇති බව පොලීසිය තවදුරටත් පවසනවා.
පොලීසිය පෙන්වා දෙන්නේ මෙම තරුණ තරුණියන් ලිංගික දර්ශන සජීවි ලෙස අන්තර්ජාලයට මුදාහරින අතර ඒවා පටිගත කර විදෙස් සමාගම්වලට විකුණා සැලකියු යුතු ලාභ උපයන බවයි.
එමෙන්ම, මෙම වීඩියෝ දර්ශන ලිංගික දර්ශන ඇතුළත් වෙඩ් අඩවි වෙත මුදා හර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
මේ අතර, ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණා.
පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මෙම ජාවාරමට සම්බන්ධ පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ යුවලක් සහ එම ජාවාරමට සුවම සම්බන්ධ බවට සැකපිට එම නිවස තුළ තවත් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ මෙම වීඩියෝ සඳහා අදාළ සමාගම විසින් ඔවුන්ට 50,000 සිට 100,000 දක්වා මුදල් ගෙවීම් සිදු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.