ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) විවෘත කිරීමට නියමිත බව අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.
ඔහු පැවසුවේ මෙම නව ලිට්‍රෝ ගෑස් පිරවුම් පර්යන්තය මඟින් දිනකට සිලින්ඩර් 60,000ක පමණ ධාරිතාවක් ලබාදීමට හැකියාව පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ මුදිත පීරිස්,
“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.“