බන්ධනාගාර නියාමකයින් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් අය ඊයේ දිනයේ අධිකරණ කටයුතුවලින්ද ඉවත්ව සිටි බවයි බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක මහතා සඳහන් කළේ.

ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.

වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගයට එළැඹි බවයි බන්ධනාගාර නිලධාරී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඒ පිළිබඳව කළ විමසුමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here