සංවිධානාත්මක අපරාධකල්ලි නායකයන් බව කියන කංජිපානි ඉම්රාන් , ලොකු පැටී සහ රොටුඹ අමිල ඇතුලු අපරාධ කල්ලි සාමාජිකයන් 6 දෙනෙකු බෙලරූස් හිදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ලොකු පැටී හැර අනෙක් සියලු දෙනා පසුව මුදා හැර ඇති බවත් රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනිය වාර්තා කරනවා.
මොවුන් බෙලරූස් සිට වෙනත් රටකට පළා යාමට උත්සහ කළ අවස්ථාවේ අත්අඩංගුවට පත් වු බව එම වාර්තා සඳහන් වනවා.
ඔවුන් බෙලරූස් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී කංජිපානි සහ රොටුඹ අමිල අදාළ ස්ථානයෙන් පැනගොස් තිබෙන අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියාවේදී බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.