World
ලොව පළමු සම්පූර්ණ ඇස් බද්ධය සාර්ථක වෙයි

ලොව පළමුවරට පුද්ගලයෙකු ට සම්පූර්ණ ඇසක් බද්ධය සාර්ථකවී තිබෙනවා.
ඒ සැත්කමට මුහුණ දී තිබුණේ ආරොන් ජේම්ස් නමැති 46 හැවිරිදි පුද්ගලයෙක්.
සිය සේවා ස්ථානයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුට වම් ඇස සහ මුහුණේ කොටසක් අහිමි වුණා.
පසුගිය මැයි මාසයේදී, අමෙරිකාවේ NYU Langone Health රෝහලේදී ශල්‍ය වෛද්‍යවරුන් 140ක් එම සැත්කමට එක්වී ඇති අතර ඒ සඳහා පැය 21ක් ගතවි තිබුණා.
සැත්කමින් ජේම්ස් ගේ සම්පූර්ණ වම් ඇස සහ මුහුණේ කොටස් බද්ධ කෙරුණා. එවැනි සැත්කමක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ පළමුවරට විම විශේෂත්වයක්.


World
හැරී සහ මේගන් පදවිවලින් නෙරපීමට පනත් කෙටුම්පතක්

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා කරන්නේ, හැරී කුමරු සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇති බවයි.
රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසකින් ඔවුන්ට විවේචන රැසක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන ‘එන්ඩ් ගේම්’ වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.
World
ජොනතන් 191 වැනි උපන්දිනය සමරයි

ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා ලෙස සැලකෙන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා.
වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන් වූවත් ජොනතන්ගේ වයස අවුරුදු 191 කට වඩා වැඩි බවද පැවසෙනවා.
ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියනවා.
1832 වසරේදී නැගෙනහිර අප්‍රිකාවේ උපත ලබා ඇතැයි විශ්වාස කෙරෙන ජොනතන් 1882 වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතට රැගෙනවිත් තිබුණා.
ඇසේ සුද පැමිණ අන්ධ වී ඇති නමුත් ජොනතන් හොඳ ශරීර සෞඛ්‍යකින් සිටින බවද වෛද්‍යවරු පවසනවා.
ජොනතන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇතත් කෑම රුචිය නැතිවී ගොස් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
මේ වනවිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාරවරයාගේ නිවසේ අවුරුදු 141 ක් ජීවත්ව තිබෙනවා.
World
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය, ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත 4ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ප්‍රාන්ත 3ක බලය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව ඇත.
මෙලෙස භාරතීය ජනතා පක්ෂය හිමිකරගෙන තිබෙන්නේ, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ග්‍රා යන ප්‍රාන්තවල ජයයි.මීට පෙර රාජස්ථාන් හි බලය හිමිව තිබූ කොංග්‍රස් පක්ෂයට එහි බලය තහවුරු කරගැනීමට අසමත් වීම සුවිශේෂී කරුණකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම මැතිවරණයෙන් තෙලන්ගානා හි ජය හිමිකරගැනීමට සමත්ව ඇත්තේ රාහුල් ගාන්ධිගේ නායකත්වය දරන කොංග්‍රස් පක්ෂය බවයි.
මැතිවරණය පැවති ප්‍රාන්ත අතරින් මිසෝරම් හි ඡන්ද ප්‍රතිඵලය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්