Hot News

ලෝකයේ රසම අන්නාසි මෙරට වවන්න අවසර ඉල්ලයි

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා දැනට විශාල ඉල්ලුමක් ලෝක වෙළෙද පළෙහි පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැත.

මිහිරි රසයකින් යුක්ත මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් මෙම අන්නාසි ප්‍රභේදය අප රටේ ද වගා කිරීම සඳහා සිදු කළ පර්යේෂණ ද සාර්ථක වී තිබේ.

මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

දැනට කෘෂි අංශ නවීකරණ වැඩ සටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ගොවීන්ද කැමැත්ත පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version