මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව ලකුණු 35.21 ක් හිමිකර ගැනීමට සමත් වූවේය.
දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් ඊයේ (03) මෙම දර්ශකය එළි දක්වනු ලැබුවා.
සෑම වසරකම එළිදැක්වෙන මෙම දර්ශකයට රටවල් 180ක් ඇතුළත් වන අතර පසුගිය වර්ෂයේදී මෙම දර්ශකයේ 135 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.