ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ(18) පැවැති අවසන් එක් දින තරඟයේදී විනිසුරුවරයෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට චෝදනා එල්ල වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරු විසින් තරඟ තීරකවරයාට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.
ජාත්‍යන්තර ක්‍රකට් කවුන්සිලය ඒ පිළිබඳව මේ වන විට ඊට අවධානය යොමු කර ඇති බැවින් ඊට වැරදිකරු වුවහොත් වනිදු හසරංගට යළි තරඟ තහනමක් පැනවීමට වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.