

Politics
වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට කලාපයේ රටවල් එක්විය යුතුයි
දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආර්ථිකය ආසියාව දෙසට විතැන්වීම පිළිබඳව ද අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහිදී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කළේය.
මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ තමා අතර ඊයේ (17) පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම වෙනුවෙන් සමීප සහයෝගිතාවයකින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වූ බවද පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරී සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වීය.
ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස අක්කර මිලියන 02ක පමණ භූමි ප්‍රමාණයක්, එම ඉඩම් හිමි ගොවීන් සඳහා සින්නකරව ලබාදීමට රජය තීරණය කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එසේම මහා පරිමාණ නවීන කෘෂිකාර්මික ව්‍යවසායන් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
කෘත්‍රිම බුද්ධිය (AI) වෙත ප්‍රවේශවීම ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය මේ වන විටත් අරමුදල් වෙන් කර ඇති බවද මෙම අවස්ථාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් තමිල්නාඩුවේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇති විය හැකි කාර්මීකරණය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
එමෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ නැගෙනහිර හා බටහිර අප්‍රිකානු කලාපයේ රටවල ඇති නව ආයෝජන අවස්ථාවන් ගවේෂණය කරමින් එම රටවල ද ආයෝජනය සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් ඒකාබද්ධව කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී යෝජනා කළ ජනාධිපතිවරයා ඒ සඳහා නේපාලය ද එක් කර ගත හැකි බව සඳහන් කළේය.
එසේම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සංචාරක කලාපයක් ඇති කිරීමේ සැලසුම් පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය කැරිබියන් දූපත් වලට වඩා විශාල විකල්පයක් වනු ඇති බව ද සඳහන් කළේය.
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම් කර ඇති බවත්, ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ඇතුළුව දැනට ශ්‍රී ලංකා ව සිදු කරමින් සිටින වෙළෙඳ සාකච්ඡා හා නව ගිවිසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ව්‍යවසායකයින් දැනුවත් කළේය.
කලාපය තුළ පවතින ආර්ථික හැකියාවන් පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අපේක්ෂා කරන කලාපීය ආර්ථික වර්ධනය ඇති කර ගැනිම සඳහා සක්‍රීයව දායක වන ලෙස ද තරුණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
YPO කලාපීය සාමාජිකත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Politics
Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි