ඊයේ පස්වරුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කොස්ලන්ද ගම්පහ ප්‍රදේශයේ න් විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බධා එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රි කඩා වැටුණු ගස අද අලුයම දක්වා මාර්ගය හරහා වැටී තිබූ අතර එම නිසා අද අලුයම වන විටත් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.
පසුව අද අලුයම කාලයේ දී ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අතර තවමත් මාර්ගයේ ගමනාගමනය යතාතත්වයට පත් වී නොමැත.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)