ඩුබායි රාජයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ඩුබායි තරංඟගේ ප්‍රධාන ගෝලයක වන “වලපල හාමු” කෝටි 5කට ආසන්න හෙරොයින් සමග කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලපන ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරක් මත අද දහවල් සිදුකරන ලද වැටලීමකදී පානදුර වලපල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැදීසිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 850ක් සොයා ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ වලපල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් හතක් වන “වලපල හාමු” නමින් අනුවර්තනාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර “ඩුබායි තරංග “නැමැත්තා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර ,වාද්දුව බණ්ඩාරගම ,හොරණ ඇතුළු ප්‍රදේශ රැසකටම තොග හා සිල්ලර වශයෙන් මෙම හෙරොයින් ජාවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුද බහුල වශයෙන් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවට පොලිසිය ප්‍රකාශ කරයි.

එමෙන්ම ඔහු මෙම ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.මෙම හෙරොයින්වල වටිනාකම කෝටි 5 කට ආසන්න බව කළුතර අපරාධ කොට්ඨාසය කියා සිටි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here