Connect with us

Hot News

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවයේ තරගවලට අයදුම්පත් කැඳවීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව් රැසක් සමගින් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්වේ.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබෙන අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 17ක් පැවැත්වේ.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග ඉසව් 16ක් ඇතුළත්ය. “පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියාට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත් වේ.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, දෑස් ආවරණය කර කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, සූප්පුවෙන් බීම බීම, බනිස් කෑම වැනි විදෙස් සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතය.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය, ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය සහ කඹ ඇදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වන අතර එම අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වේ. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 18-30 අතර අවිවාහක අය විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 077-1557146 WhatsApp අංකය වෙත 2024.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමෙන අතර 04 වන ස්ථානයේ සිට 12 වන ස්ථාන සඳහා සැනසිලි ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ක්‍රිසන්ති විතාරණ මහත්මිය (සම්බන්ධීකාරක)-දු.ක 0718412300 ඇමතීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම “වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. ඒ සඳහා www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්නා අයදුම්පත පුරවා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු මඟින්, තරග කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කර ගැනීමෙන් අනතුරුව “ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය, යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානය, යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම” යන ලිපිනයට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ “වසත් සිරිය විවෘත මැරතන් ධාවනය තරගය 2024” යනුවෙන් සඳහන් කර යොමු කළ යුතුය.

එසේ නොමැතිනම් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ගෙනවිත් භාරදීම හෝ සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකියි.

2024 අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් පසු යොමු කෙරෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් පිරිනැමේ.
එමෙන්ම “වසත් සිරිය” ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

එහි කාන්තා අංශයේ තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

1974 වසරේ හා ඉන් පසුව සහ 2005 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී විය හැකිය.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත “වසත් සිරිය 2024 පාපැදි තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, කොළඹ” ලිපිනය ඔස්සේ යොමු කළ යුතුය.

එසේ නොමැති නම් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොළඹ ප්‍රධාන ආරක්ෂක මැදිරියට භාර දිය හැක. නැතිනම් සම්පූර්ණ කළ අයදුම්පත Scan කර pdf Document ආකාරයට සකස් කර 070-3166384 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය.

2024 අප්‍රියෙල් 25 දින මධ්‍යහන 12.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ WhatsAPP පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.

“වසත් සිරිය” කඹ ඇදීමේ තරගය සඳහා තරගවදින සියලුම පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නාමලේඛනය දින තුනකට පෙර සංවිධායක මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සැබැඳියාව විදාහ දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක් මෙහිදී ප්‍රතිනිර්මාණය කෙරේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවෙ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් කෙරේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

කුකුල් චමින්ද දරුවාට පහරදෙන අයුරු වීඩියෝ කළ තරුණයාට ලක්ෂ 5ක්

වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නමැති පුද්ගලයා දැරියකට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමුණා.

Continue Reading

Hot News

එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුවී තිබුණේ.

Continue Reading

Hot News

IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

අද(12) පැවැත්වෙන IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යය සෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දෙවන සමාලෝචනය අද සිදු වේ.

එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට තුන්වෙනි වාරයේ ඩොලර් මිලියන 335 ක් ලැබීමට නියමිත අතර එම තුන් වැනි වාරිකය නිදහස් කිරීම අද මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇති බවට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අද මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, මේ වන තෙක් මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670ක් වේ.

මෙය ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් රටේ ආර්ථිකයට හොඳ බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂය සෑම විටම මේ පිළිබඳ දුර්මත ඇති කරමින් විවිධ ප්‍රකාශ සිදුකරන බවත් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

විපක්ෂය සෑම විටම විවේචන එල්ල කරන අතර මේ පිළිබඳව සෑම විටම දුර්මත ඉදිරිපත් කළ බවත් ඒ සියල්ල පරාජය කරන බවත් පැවසීය.

Continue Reading
Advertisement
Hot News48 mins ago

කුකුල් චමින්ද දරුවාට පහරදෙන අයුරු වීඩියෝ කළ තරුණයාට ලක්ෂ 5ක්

Politics1 hour ago

අනුර අද ලන්ඩන් බලා පිටත්ව යයි

Sports1 hour ago

කාසියේ වාසිය ඉන්දියාවට

Hot News2 hours ago

එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

Hot News2 hours ago

IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

Hot News2 hours ago

පාස්කු ප්‍රහාර​ය ගැන හොයන්​න විශේෂ විමර්ශන කමිටුවක්

Hot News3 hours ago

අද මධ්‍යම රාත්‍රි​යේ සිට තැපැල් සේවකයින් වැඩවර්ජනයක

Hot News3 hours ago

කැකිරාවේ පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Politics3 hours ago

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජයයි

Politics3 hours ago

ජනපති සහ සාර්ක් මහ ලේකම් අතර හමුවක්

Hot News4 hours ago

පියාත් මාස කිහිපයකට කලින් අබිරහස් ලෙස මියගිහින්, විදුලි මාරයාට බිලිවූ 17 හැවිරිදි හැඩකාරිය නිශානි

Hot News7 hours ago

‘අපරාධකාරයෝ මෙහෙට ගේන්න උදව් කරන්න’ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති හමුවූ අමාත්‍ය ටිරාන් අලස් කළ ඉල්ලීම

Local8 hours ago

මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළේ දී වීදුරු කඩාගෙන ඇතුළට ආ බස්රථය, සිදුවූ අනතුරින් 5ක් රෝහලට

Hot News8 hours ago

පානදුර ප්‍රසිද්ධ සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වෙයි, සේවකයින් 30කට සිදු වූ දේ

Sports16 hours ago

ශ්‍රී ලංකා – නේපාල තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා

Hot News23 hours ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports23 hours ago

පරාජයේ අවමානයෙන් ගැලවීමේ අරමුණින් සිංහ පැටව් නේපාලය සමඟින් හෙට තරග බිමට

Sports24 hours ago

පාකිස්තානයට ලකුණු 107ක ඉලක්කයක්

Politics24 hours ago

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

Hot News1 day ago

අනුර, උතුරේ ආගමික නායකයින් හමුවෙයි

Politics1 day ago

ඡන්දේ කල් දැම්මොත් ඒක එජාපයේ අවසානය – මහින්ද

Politics1 day ago

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර රටේ අභිවෘද්ධියට යොදා ගන්නවා – ඩග්ලස් දේවානන්දා

Sports1 day ago

කැනඩාව සමඟ තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Hot News1 day ago

ගුරුවරියගේ ඡායාරූප අසභ්‍ය ලෙස සැකසූ සිසුවාට ඇප

Politics1 day ago

අනුර කුමාර උතුරේ දේශපාලන නියෝජිතයින් හමුවෙයි

Hot News1 day ago

ජනපති අරමුදලින් සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව

Hot News1 day ago

නිට්ටඹුව හොරගොල්ලේ වෙඩි තැබීමක්

Hot News1 day ago

තැපෑල යළිත් ලෙඩ වෙන ලකුණු

Hot News1 day ago

බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරුට දැඩි දඬුවම්

Hot News1 day ago

මේ දවස්වල අඩුවට දෙන චිකන් කන්නේ බලාගෙනයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News23 hours ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports2 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News3 days ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics3 days ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics4 days ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports4 days ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics5 days ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment5 days ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News6 days ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News6 days ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News1 week ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News1 week ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics1 week ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News1 week ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News1 week ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics1 week ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized1 week ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News1 week ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News1 week ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics1 week ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News1 week ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News1 week ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News1 week ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics1 week ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Hot News2 weeks ago

Watch : 11 වසර සිසුවියට හදි කළ විදුහල්පතිට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපනිට

Hot News2 weeks ago

Watch : ජාතික රෝහල් සේවකයෙක් මහල් 6ක ගොඩනැගිල්ලේ ඉහළට නැග උපවාසයක

Hot News2 weeks ago

Watch : ගුරු පත්වීමත් අරන් ඇය මංගල ගමන ගිය තරුණිය

Politics2 weeks ago

Watch : හිඟුරක්ගොඩ ගොවි රැළියට ආපු අනුරට ගොවි මහතුන්ගෙන් සුපිරි පිළිගැනීමක්

Hot News2 weeks ago

Watch : ගැබිනි කාන්තාව හප්පා පලාගිය යුවළට වැඩ වරදී

Advertisement

Categories

Trending