නුවරඑලිය දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්ය මායිම්ව ගලා බසින ආගරඔය හරහා ඉදි කර ඇති නමුත් ප්‍රයෝජනයට ගත නොහැකි කොන්ක්‍රිට් පාලමක් පිලිබදව අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආගරඔය ගම්මානයෙන් වාර්තා විය.

මෙම කොන්ක්‍රිට් පාලම 1994 -1995 අතර කාලයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර  ඇති අතර , 1999 දී පාලමේ වැඩ අවසන් කර ඇති නමුත් පාලමේ දෙපස ආගරඔය ගම්මානයට හෝ නාවලපිටිය අලුත්ගම ගම්මානයට සම්බන්ධ කර නොමැත.

එම නිසා පාලම දෙපස ගම්මාන වල ජනතාවට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට , අඹගමුව ප්‍රාදේශීය සභාව , අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට නාවලපිටිය නගරයට හා ගිනිගත්හේන නගරය දක්වා ගමන් කිරිමට කිලෝමීටර් හතක පමණ දුරක් ගෙවා වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුවී ඇත.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ  නාවලපිටිය සහ ගිනිගත්තේන අතර යම් ආපදාවක් සිදු වුවහොත් බී ශ්‍රේණියේ විකල්ප මාර්ගයක් ලෙස මෙම කොන්ක්‍රිට් පාලම සහිත මාර්ගය නම් කර ඇති නමුත් පාලමේ ඉදි කිරිම් සම්පුර්ණයෙන්ම සිදු නොකිරිම නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමට නොහැකි වි ඇත.

එසේම වර්ෂාව වැඩි දිනවල ඔය දෙපස ජනතාවට එගොඩ මෙගොඩ වීමට ඇති එකම විකල්පය මෙය වන අතර , පාලමට ගොඩවීම සඳහා ඉනිමං භාවිතා කළ යුතු බවත් , එකල ආගරඔය  ආසන සංවිධායකවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ලෙස මෙය සකස් කිරීම ආරම්භ කළ කර ඇති බවයි අගරඔය දෙපස පදිංචිකරුවන් කියා සිටින්නේ.

කඩිනමින් මෙම පාලම අබලන් විමට පෙර අලුත්වැඩියා කර ගම්මාන දෙක සම්බන්ධ කර ගම්වාසින්ට සහනයක් ලබාදෙන ලෙස අගරඔය ගම්මානයේ අග්‍රබෝධි විහාරයේ විහාරාධිපති  පොල්පිටියේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ සහ ගම්මාසයෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here