යාපනය දිසාව ව්‍යාපාරික හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලකගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) සවස පවත්වා තිබෙනවා. ඒ යාපනය මූලස්ථාන පොලිසියේ දී යි.

එම ප්‍රදේශයේ සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක්ම නියෝජන කරනු ලබන ව්‍යාපාරිකයින් රැසක් මෙම හමුවට සහභාගී වූ බවයි කියන්නේ.

එහිදී ඔවුන් තම ව්‍යාපාර සිදුකරගෙන යාමේදී මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබඳවත් අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධවත් සෘජුව අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට කරුණු දක්වා තිබෙනවා.

අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතැම් ගැටලු සඳහා එම අවස්ථාවේ දී ම විසදුම් ලබාදුන් බවයි කියන්නේ.

අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසදුම් ලබාදෙන බවට ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here