ඇදසිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කීය.
නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලිසිය සැක පල කරයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණීමට නියමිතව ඇත.
වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)