ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ වාහන භාරදීමට අදාළ තොරතුරු ඇතුළත් වගුවේ අංක 95 යටතේ නම් සඳහන් උදය ශාන්ත ගුණසේකර යන නම උදයකාන්ත ගුණතිලක ලෙස සංශෝධනය විය යුතු බව කාරුණිකව දැනුම් දෙමු.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා 2024-09-23 වන දින ඒ මහතා වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කර තිබූ අංක PE-1580 දරණ TOYOTA HILUX කැබ් රථය නැවත ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ හේතුවෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ප්‍රවෘත්තියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පත්වූ අපහසුතාව පිළිබඳව එම මාධ්‍ය අංශය කණගාටු වන බව නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here