එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියනවා.

අමාත්‍යවරයා පවසන්නේ රජයේ අපේක්ෂාව වන්නේ ආදායම් කළමනාකරණය සහ බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කර ගැනීම බවයි.

ඒ සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා ඊට 2024 අයවැය මගින් යෝජනා ප්‍රතිපාදන වෙන් කර ඇති බව පවසනවා.

එබැවින් වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here