ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව තිබෙනවා.
ඒ අනුව ඔහු වසර 42කුත් මාස 9ක කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පුවත්පත් ආයතනයේ ඉල්ලීමකට අනුව මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවේ දෙවැනි තැන ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සමත්ව තිබෙනවා.ඔහු වසර 39කුත් මාස 7ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන බව සඳහන්.
මීට අමතරව චමල් රාජපක්ෂ,නිමල් සිරිපාල,ජෝන් සෙනවිරත්න,රංජිත් මද්දුම බණ්ඩාර,ලක්ෂ්මන් කිරිඇල්ල,අගමැති දිනේෂ් ගුනවර්ධන වසර 33ක් පාර්ලිමේන්තුවේ නියෝජනයක කර තිබෙනවා.