ගලෙන්බිඳුණුවැව කැකිරාව  ප්‍රධාන මාර්ගයේ ‍කැකිරාව සිට ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ වැන්රථයක් (01) දහවල 12.30 පමන  යකල්ල හුරුළුවැව හන්දීයේදී වැන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුන ගැටි දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි ගලෙන්බිදුණූවැව පොලිසිය පවසති.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදීයේ හි  රියදුරු සමග  දෙදෙනෙකු ඇතුළු ගමන් කොට ඇති අතර අනතුර හේතුවෙන් යතුරුපැදීයේ ගමන්ගත් පැදිකරු හා පසුපස ගමන්ගත් පුද්ගලයා  තුවාල ලබා ඇති  අතර එම ස්ථානයට පැමිණි පිරිස තුවල කරුවන් යකල්ල හුරුළුවැව රෝහලට ඇතුලත් කර තිබේ.

තුවාල ලැබූ පිරිස් යකල්ල  හුරුළුවැව රෝහලට ඇතුළත් කිරීම පසුයතුරුපැදියේ පැදවූ රියදුරු    බරපතළ තුවාල හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවීම කටයුතු කළ බව යකල්ල  හුරුළුවැව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර යතුරුපැදියේ පසු පස ගමන්ගත්  වයස අවුරුදු 57 පමන වන පුද්ගලයා සුළු තුවාල ලබා ඇති අතර ඔහු යකල්ල  රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ..

අනතුර හේතුවෙන් යතුරුපැදියට හා වැන්රථයට අලභහානි සිදුව තිබෙන අතර වැන් රථයක් හා යතුරුපැදිය ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානය භරයට ගෙන තිබෙන අතර  ගලෙන්බිදුනුවැව   ප්‍රදේයේ පිරිවෙන් ආයතයක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන අයෙක් වු දිසානැග්ගගම කුඔුක්ගැටේ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 24  පමන වන එම්.ඒ පුෂ්පකුමාර වන වැන් රථයේ රියදුරු   පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරට ලක්ව තුවාල සිදුව ඇත්තේ හොරොව්පොතාන නබඩවැව  ප්‍රදේශයේ  වයස අවුරුදු 23  පමන වන සදුන් ගුණරත්න සහ ඔහුගේ පියා  බවත් සිද්ධියට අදාළව ගලෙන්බිදුනුවැව පොලිස් රථවාහන අංශය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු පවසති.

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here