රිළවියන් හා වැදිරියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැලක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කර රිළවියකගේ ගර්භාෂයේ තැන්පත් කිරීම ඊයේ (24) සාර්ථකව සිදු කරනු ලැබීය.
එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබූ අතර සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසුවේය.
කාන්තාවන් ගැබ් ගැනීම වැල්ක්වීම සඳහා උපත් පාලන ක්‍රමයක් ලෙස මේ ආකාර පැළඳවීම සිදු කරන බවත් මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණ අසාර්ථක වීම නිසා ප්‍රමාණයෙන් කුඩා නව ලූපය නිර්මාණය කළ බවත් දංගොල්ල මහතා කීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාර්වේද අංශයේ වෛද්‍යවරුන් ගේත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහය මේ සඳහා හිමි වූ බව ද මහාචාර්යවයා ප්‍රකාශ කළේය.
රිළවියගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත් ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් නිසා තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවනාතාව වැඩි බවත් කුඩා ප්‍රමාණයට නිර්මාණය කළ නව ලූපය පිතටට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
ලූපය තැන්පත් කිරීම සඳහා සතා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බවත් අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් කී ඒ මහතා ඒ අනුව මෙය මෙරට රිලා ගහණය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බව ද අවධාරණය කළේය.
වසර 20 පමණ අයු කාලයක් ඇති රිළිවියක් සාමානණයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන බවත් මේ නිසා රිළා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍යය කරණයක් බවට සියලු පාර්ශව හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.
සැත්කම සඳහා පශු වෛද්‍යවරුන් වන බී.ජී.එස්.එස් ගමගේ, කේ.පී.අයි.අර් කහටපිටිය,පී.බී අබේරත්න, වනජීවි පර්යේෂක අනිල් දික්කුඹුර, උපස්ථායක එම්.එම් ධනසේකර යන අය සහභාගි වූහ.
මේ වනවිට මෙරට එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් 20 % කට අධික ප්‍රමාණයක් වන සතුන් ගේ හානි නිසා රටට අහිමි වන බවත් මේ නිසා රිළා ගහණය පාලනය කරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණ කරන තත්ත්වයක් ද දක්නට ලැබෙන බවත් කී මහාචාර්ය දංගොල්ල මහතා පැයක පමණ කාලයක දී ලූපය තැන්පත් කර සතා යළි වනයට මුදාහැරීමට හැකි බව ද පැවසුවේය. වනධ්යාකරණ සැත්කමකට ලක්කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සතා රැක බලා ගැනීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍යය මානව සම්පත ද වැඩි නිසා වැයවන මුදල ද ඉහළ අගයක් ගන්නා බවත් කී දංගොල්ල මහතා ලූපය තැන්පත් කළ රිළවිය මාස තුනක පමණ කාලයක් කූඩුකර තබා ස්කෑන් පරීක්ෂණයක් මගින් පරීක්ෂණයේ සාර්ථකත්වය තහවුරු කර ගත යුතු බවද මේ ක්‍රමවේදයේ සඳහා වැය වනුයේ රුපියල් දෙදහසක් වැනි මුදලක් බවද අවධාරණය කළේය.
(කමල් සුරවීර මහනුවර)