වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ආනපල්ලම ප්රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්ර වී ඇති බව ප්රදේශයේ ජනතාව පවසති.
ඊයේ රාත්රි කාලයේ ගම්වැදි වනඅලි රංචුවක් විසින් ප්රදේශයේ වගා කර තිබූ කෙසෙල් ගස් දහසකට ආසන්න ප්රමාණයක් විනාශ කර ඇති අතර මඤ්කෝක්කා සහ පොල් ඇතුළු වගාවන් රැසකටද හානි සිදු කර තිබේ.
අක්කර ගනනක වගා කර තිබූ කෙසෙල් කැන් සහිත කෙසෙල් වගා භූමියක් වනඅලි විසින් විනාශ කර දමා ඇත.
ප්රදේශය හරහා අලි අගලක් කපා තිබුනද එම අලි අගල ක්රමවත් ලෙස ඉදිකර නොමැති බව ප්රදේශයේ ජනතාව පවසති.
රක්ෂිත ප්රදේශය තුල හේන් ගොවිතැන් කටයුතු සිදු කිරීම නිසා වනඅලි මෙලෙස ගම්වදින අතර වසර ගනනාවක සිට තමන් පීඩාවට පත් කර ඇති මෙම වනඅලි ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ප්රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)