වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් අදාවෙලයාය ප්‍රදේශයේ දී මෝටර් රථයක් ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු,එම දරුවන්ගේ මව සහ පියා සහ ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ඉන් දෙදෙනකු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

මෝටර් රථයේ පස්සර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර ත්‍රීරෝද රථයේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගමන් කරමින් සිට ඇත.

තුවාල ලැබුවන් අතර මාස හය,අවුරුදු එක හමාර යන වයස් වල දරුවන් දෙදෙනකු සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here