වැල්ලවාය රණ්දෙණිය උලහිටිතැන්න ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.
එම පස් කන්ද කඩා වැටීම නිසා නිවසට බරපතළ ලෙස හානි සිදු වී ඇති අතර වාසනාවකට කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.
පස් කන්දට යට වීමෙන් නිවසේ බිත්ති,වහල සහ නිවස තුල තිබූ භාණ්ඩ රැසක් ම විනාශ වී ඇති අතර ප්‍රදේශයට පවතින වර්ෂාපතනය නිසා කඩා වැටුණු පස් කන්ද මේ වන තෙක් ඉවත් කිරීමට හැකි වී නොමැත.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)