වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හදපානාගල සෝමියල් හංදිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
මාර්ගයේ ගමන් ගත් පදිකයෙකුගේ කිසියම් වාහනයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුර සිදු කල රථය පලාගොස් ඇත.
අනතුරින් පසු මාර්ගයේ තිබූ මල සිරුර මතින් මාර්ගයේ ධාවනය වු තවත් රථ වාහන රැසක් ගමන් කර ඇති අතර එම නිසා මල සිරුර හදුනාගන නොහැකි ආකාරයෙන් කැබලි වලට වෙන් වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අලුගල්ගේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් තුනක් වන තිදරු පියෙකු වන අතර අනතුර සිදුකල රථය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)