Hot News

වික්ටෝරියා ජලාශයේ ගිලිණු අඹුසැමි යුවළ බේරා ගැනීමට ගිය තවත් අයෙක් ජීවිතක්ෂයට

දිගන ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට බැස දිය  නෑමට ගිය අඹුසැමි යුවළක් හා තවත් අයෙකු දියේ ගිලී මියගොස් තිබේ. 

මියගිය එක් අයෙකු අඹුසැමි යුවළ දියේ ගිලුණු අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට ගිය අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

තිහාරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළ රජවැල්ල කඹුක්කදුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ 15 දින පස්වරුවේ ජලාශයේ දිය නෑමට ගොස් තිබේ. 

එම අවස්ථාවේ බිරිඳ දියේ ගිලී ගසා ගොස් තිබෙන අතර ඇය බේරා ගැනීමට යාමේ දී සැමියා ද දියේ ගිලී ඇත. ඔවුන් බේරා ගැනීමට අසළ සිටි අයෙකු උත්සහ කර තිබෙන අතර ඔහු ද ජල පහරට අසුව දියේ ගිලී අතුරුදන්ව තිබේ.

තෙල්දෙණිය පොලීසිය හා වික්ටෝරියා ධීවර සමිතියේ සාමාජිකයින් එක්ව මළ සිරුරු ගොඩගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඒවා තෙල්දෙණිය මූලික රෝහල වෙත යොමුකර තිබේ.

ියගොස් ඇත්තේ අබ්දූල් අමීන් මොහොමඩ් (28) හා මොහොමඩ් නවුෆර් අයිසා (22) නැමැති අඹුසැමි යුවළ සහ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ මුනයන්ඩි ශිවකුමාර් නැමැති අය බව පොලීසිය පවසයි.තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙදගේ මහතාගේ අධීක්ෂණය යටතේ තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

(කමල් සුරවීර – මහනුවර) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version