ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් කීර්ති උඩවත්තට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබේ.
අදාළ නියෝගය හරහා පක්ෂ සභාපති විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් කීර්ති උඩවත්තට තනතුරුවල කටයුතු කිරීම වළක්වා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකිරීමට බාධා කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා එම නියෝගය නිකුත් කළේ ය.
අදාළ වාරණ නියෝගය ජුනි 03 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.