නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ‘1987’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.