හෙට (01) සිට ක්‍රියාත්මකවන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව 100%කින් ඉහළ දමා තිබෙනවා.
රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ.
මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන්.