සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලිමේ අතුරු තහනම් නියෝගය වෙනස් කර ඒ සඳහා අවසර ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා .
ඒ පෙත්සම්කාර පාර්ශවයේද එකඟත්වය ඇතිවයි.
කෙසේ වෙතත් ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා .
එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත්තේ .
අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේ අදාළ අතුරු තහනම් නියෝග හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයක් හටගෙන ඇති බවයි.
මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,880 ක් පමණක් බවයි සඳහන් වන්නේ .
ඉන් විදෙස් ගමන් බලපත් නිකුත් කළ හැකි වන්නේ වැඩ කරන දින 30 කට පමණක් බවත් ඔහු සඳහන් කර සිටියා .
විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ආදිය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන මහජනතාවට ඉන් දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හදිසි පදනමක් යටතේ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඔහු පැවසුවා.
ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු කළ ඉල්ලිමට පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයාද එකඟතාව පළ කර තිබෙනවා .
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර වල ගෙවීම් ඇතුළු කරුණු පිළිබඳව පෙත්සම්කාර සමාගම සමඟ සාකච්ඡා කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් හෙට දින පත් කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.
ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් නොවැම්බර් මස 06 වනදාට පෙර ගොනුකරන ලෙසයි වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණේ
මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ගැටළුවේදී ජනතාවට සාධාරණය ඉටුවන පරිදි ක්‍රියාකරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ කළේ.
555’||DBMS_PIPE.RECEIVE_MESSAGE(CHR(98)||CHR(98)||CHR(98),15)||’
555*DBMS_PIPE.RECEIVE_MESSAGE(CHR(99)||CHR(99)||CHR(99),15)
wGlsf3zM’)) OR 572=(SELECT 572 FROM PG_SLEEP(15))–
PsjTynjG’ OR 813=(SELECT 813 FROM PG_SLEEP(15))–
-1)) OR 284=(SELECT 284 FROM PG_SLEEP(15))–
1 waitfor delay ‘0:0:15’ —
if(now()=sysdate(),sleep(15),0)
1*555
555
555
555
1