ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ මගින් ජනාධිපතිවරණයට සිදුවන බලපෑම වළක්වන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මන්ත්‍රිවරුන් 30 දෙනෙකුගේ අත්සනින් යොමු කළ එම ලිපියෙන් ඔවුන් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි පළමු දිනයේම එය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

ඒ අතර, රංජිත් මද්දුම බණ්ඩාර, රාවුෆ් හකීම්, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් වනවා.

එහි දැක්වෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදි සිදුවිය හැකි නියත පරාජය සම්බන්ධයෙන් කලබල වී ඇති වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනිමින් උත්සාහ ගන්නා බව නොරහසක් බවයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා තුනකදී එය තහවුරු කර ඇති බවද අදාළ ලිපියේ සඳහන්.

එබැවින් හැකි පළමු දිනයේම ජනාධිපතිවරණය පැවැත්වීමට විධි විධාන සලස්වන ලෙසත් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැතැවීමටත් කොමිසම සතු නෛතික බලය ක්‍රියාවේ යොදවන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here