අයි. එම්. එෆ්. මැදිහත්වීම තුළ දෙස්විදෙස් ණය බිලියන 100ක් ඇති බංකොලොත් අප රටට විරාමයක් ලැබී ඇති බවත් මේ කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කරන විට යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍රීයව නව බැඳුම්කරයක් ලබා දෙන්න යෝජනා වී ඇති බවත් පවතින රජය යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ හොත් පොලි අනුපාතයේ අඩුවක් කරන්න ඔවුන් සූදානම් නමුත් රජය මේ ගැන ප්‍රතිචාර දක්වා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවේ තමා රටේ නායකයා නම් එම අභියෝගය බාර ගෙන හොරු අල්ලන, දූෂණය වංචාව නවත්වන, කතා කිරීමේ හා ප්රජාතන්ත්රවාදී නිදහස තිබෙන, මැතිවරණ කල් නොයන, මානව අයිතිවාසිකම් ආරක්ෂා වන යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන බවත් එවැනි යහපත් රාජ්‍ය පාලනයක් හරහා ණය දුන් පිරිස විසින් පොලි අනුපාත කපා හරින බවත් මේ යෝජනාව එන විට රටේ වත්මන් පාලකයන් නිශ්ශබ්ධ බවත් ඊට හේතුව බංකොලොත් රටෙත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ජීවන බර වැඩි කර තරගයට හොරකම් කිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ යහපත් රාජ්‍ය පාලන කේන්ද්‍රීය නව බැදුම්කර ගිවිසුමකට යාමට සූදානම් බවත් එය රටේ ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් මේ තුළින් රටටත් ජනතාවටත් සහන සැලසෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට රට ආර්ථික පැත්තෙන් කඩා වැටී ඇති මොහොතක ජනතාව විසදුම් සොයන බවත් මේ අවස්ථාවේ සමගි ජන බලවේග ආර්ථික කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කණ්ඩායමයි අතර විවාදයකට නලින් බණ්ඩාර මහතා ආරාධනා කළ බවත් ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් පැත්තෙන් නායකයන් අතරත් විවාදයක් අවශ්‍ය බවට පැවසූ බවත් තමා මේ විවාද ද්විත්වයටම සූදානම් නමුත් ඔවුන් ආර්ථික කමිටුවේ විවාදය කිරිමට සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එයට හේතුව ඔවුන්ට ආර්ථිකය ගැන වැඩපිළිවෙළක් නොමැති වීම බවත් බංකොලොත් රටක හැංගිමුත්තන් දේශපාලනය සුදුසු නොවන බවත් විවෘත, අවංක විය යුතු බවත් රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කළ යුතු බවත් තමා ඊට අදාළ දැක්ම දර්ශනය හා වැඩපිළිවෙළ මහපොළොවේ ඔප්පු කර ඇති බවත් විකල්ප කණ්ඩායම්වලට වඩා සමගි ජන බලවේගය මේ දෙකටම සූදානම් බවත් එසේ නොමැතිව විවාදවලින් පැනල විදේශ රටවල සවාරි ගහන පුරුද්දක් නොමැති බැවින් මේ විවාද දෙකටම සූදානම් බවත් ඒ සඳහා අපක්ෂපාතී මැදිහත්කරුවන් තෝරා ගෙන රටේ ජනතාව අපේක්ෂා කරන ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ඉදිරිපත් කිරීමට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 181 වැනි අදියර යටතේ අද ගම්පහ දිවුලපිටිය නවාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.