මුලතිව්,විශ්වමඩු ප්රදේශයේ නිවසක තිබි අද(22) උදැසන පුද්ගල මළ සිරුරක් හමුවු බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ විශ්වමඩු,10 කණුව ප්රදේශයේ නිවසක තිබි වයස අවුරුදු 52 ක් වු ක්රිෂ්ණන් ක්රිෂ්ණරාසා නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුවු බවයි.
අදාළ පුද්ගලයා ජිවත්වු නිවසේ ඉදිරිපස ඇඳක තිබි මළ සිරුර සොයාගෙන ඇති අතර, ප්රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත මළ සිරුර සොයාගත් බවද පොලිසිය පැවසීය.
සිද්ධිය වු ස්ථානය මුලතිව් මහේස්ත්රාත්වරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)