අද ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය සිහිපත් කරමිනුයි. අද දිනයේ මම සමස්ත හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නයිටිංගේල් ආර්යාව ගිය මඟ යන ලෙසයි. අද පොඩි දෙයටත් අරගල කිරීමට පෙළඹී සිටිනවා. ඒත් මම කියන්න කැමතියි අපි දැන් සියලු දේ දිනාගෙන අවසන්. ඉදිරියේදී සිදු කළ යුත්තේ දිනා ගත් දේ ආරක්ෂා කර ගැනීමයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

යුතුකම් ඉටු කර වැටුප් වැඩි කර ගනිමු. කුමන බලපෑම් පැමිණියද උතුම් හෙද සේවාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අරගල තුළින් නොව සාකච්ඡා තුළින් අයිතීන් දිනා ගනිමු.

හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනිම සුළු පටු ජයග්‍රහණයක් නොවෙයි. එය හෙද ඉතිහාසයේ අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අප කිසිදා අමතක නොකළ යුතුයි. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ වාගේම අද නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ලබා දුන්නේත් එතුමායි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමි වන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here