වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට නියමිත බවයි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන්කර සිටියේ.

හර්ෂ ද සිල්වා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

වීසා ගැටළුව සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here