ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා හෙට (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාව මෙයයි.

තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන්.

මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වෙනවා

තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි  වාර්තා වෙන්නේ.

එමෙන්ම, තායිලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට උපාධිය නිම කිරීමෙන් අනතුරුව තවත් එක් වසරක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලබා සඳහාද නව වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here