නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම මහා විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙසක් පින්කම් මාලාවට සමගාමීව භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ සහභාගිත්වයෙන් දෙවන වරට පැවැත්වු අසිරිමත් පිණ්ඩපාත චාරිකාව (28) දින පැවැත්විණ.
නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන අසලින් හා බව්වාගම පාලම අසලින් මාර්ග දෙකක් ඔස්සේ වැඩම කල මහා සංඝරත්නයේ සියක් නමක් නාවලපිටිය නගරය හරහා ශ්‍රී කවීශ්වර වේළුවනාරාමය දක්වා පිණ්ඩපාතයේ වැඩ සිටිහ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වුවද මග දෙපස පාසල්වල සිසු දරු දැරියන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පිරිස් ඇතුළු බොහෝ පිරිසක් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ ස්වාමීන් වහන්සේලාට වියලි සලාක පිරිනැමීම සඳහා මඟ දෙපස එක්රැස්ව සිටිහ.
පිණ්ඩපාත චාරිකාව අවසානයේ ශ්‍රී කවිශ්වර වේළුවනාරාමයේදි සියක් නමක් විෂයෙහි දහවල් දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්විණ.
නාවලපිටිය ශ්‍රී කවීෂර වේළුවනාරාමාධිපති අමරපුර ස්වජන් මහා නිකායේ කන්ද උඩරට පළාතේ සංඝනායක හැකිරිල්ලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි නාවලපිටිය ශ්‍රී පාද පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ශ්‍රී කවීෂර වේළුවනාරාම විහාරවාසී පූජ්‍ය අටභාගේ සද්ධාලංකාර ස්වාමීන් වහන්සේගේ සංවිධානත්වයෙන් දෙවන වරටත් මෙම පිණ්ඩපාත චාරිකාව පැවැත්විණි.
( හැටන් රංජිත් රාජපක්ෂ )