මොණරාගල දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාපතනය නිසා ඊයේ රාත්‍රි සිට බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයක් අගල් හය බැගින් විවෘත කර ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
එම නිසා විශාල ජල පහරක් මැණික් ගගට එකතු වන නිසා සෙල්ලකතරගම,කතරගම සහ මැණික් ගග පරිහරණය කරන ජනතාව අවදානයෙන් සිටින ලෙසට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටී.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)