කටුවැල්ලේගම ප්‍රදේශයේ සිට කෙහෙල් අල්ල ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සාදයකට පැමිණි සස්සර උදයංග නැමති අවුරුදු 19ක පුද්ගලයෙකු ටෙලිෆෝන් කණුවක ගැටී රිය අනතුරක් සිදුවී ඇති බව බඩල්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතා පවසයි.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ අධික වේගය බව නිසා යතුරුපැදිය පාලනය කර ගත නොහැකි විය.

අනතුරෙන් පසු අනතුරට ලක් වූ පුද්ගලයා කෙහෙල් අල්ල ප්‍රදේශවාසීන් සමඟ දිවුලපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.

දිවුලපිටිය රෝහලේදී අනතුරට ලක් වූ පුද්ගලයා මියගොස් ඇති බව බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමකදී පවසයි.

මෙම රිය අනතුරෙන් මියගොස් ඇත්තේ 259/1 මීගමු පාර කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි සස්සර උදයංග නැමැති පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here