Connect with us

Article

වොෂිංටන් “කුමන්ත්‍රණ” සහ රනිල්ගේ විස්මිත “ඩෙට් සස්ටේනබිලිටිය” – (කුසල් පෙරේරා)

මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වන දින ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශවීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශයට පත් කෙරුණි.

එහෙත් එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවාදැයි මේ රටේ ජනතාවට කියා නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනු දෙනු මොනවාදැයි ජනතාව දන්නේ නැත. ගිවිසුම් අත්සන් කෙරුවේ තිරසර ණය කලමනාකරණයට නැතිනම් “Debt Sustainability” සඳහා යැයි කියුවට, එය කිසිවකුට තේරුම් ගත හැක්කක් නොවේ. 

ඒ ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙදිනකට පසු මුදල් අමාත්‍යාංශය කළ නිල පැහැදිලි කිරීමක තිබූයේ, “මෙහි වැදගත් බලපෑමක් වන්නේ, විදේශ ආයෝජන මත වන ආර්ථික වර්ධනය සඳහා නැවත අවකාශයක් ඇති වීමෙහිය. විශේෂයෙන් ආර්ථිකයෙහි අනෙකුත් ක්ෂේත්‍ර වලට ඇති විය හැකි පිටාර ගැලීම් සමග, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ඇතිවන ප්‍රායෝගික බලපෑම් තිබිය යුතුය” යනුවෙනි.

මුදල් අමාත්‍යාංශය කියන්නේ විදේශ ණය ගැනීමට ලංකාණ්ඩුවට නැවත ඉඩ ලැබී ඇතැයි කියා ය. ඔවුන් නොකියන්නේ මේ ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි ණය ගැනීම් හැම විටම මෙන් භූ-දේශපාලනික ගැට ගැසීම් සමගින් වන බවය. එළෙසින්ම ආර්ථික බංකොලොත් බවට හේතු වූ යෝධ දූෂණ වංචා වලට වැඩිම ඉඩක් ලබා දුන්නේ දැවැන්ත ඉදිකිරීම් බව සහ යළි ඊට ඉඩ ලැබී ඇති බවය. ඔවුන් කියන පිටාර ගැලීම් සමාජීය බිඳ වැටීම් සඳහා විසඳුම් නොවන බවය. මේ කතාව, නැවත ගෝලීය වෙළඳ ආර්ථිකයෙහි භූ-දේශපාලනික ගැට ගැසීම් සම්බන්ධ නොකියන කතාවකි.

ඒ කතාවට මුල පිරිය යුත්තේ 2022 අප්‍රේල් පළමු සතියේ ගාලු මුවදොර පිටියේ #GotaGoHome යැයි ඉංග්‍රීසියෙන් පටන් ගත් ආර්ථික බිඳවැටීම් වලට එරෙහි නාගරික මැදිපංතික රාජපක්ෂ විරෝධයෙන් යැයි සිතමි. මේ මැදපංතික රොද බැඳීමට, සමාජ අග හිඟකම් හා ඔරොත්තු නොදෙන ජීවන වියදමට එරෙහිව මෝරමින් තිබූ ජනතා කෝපයද ගැට ගසනු ලැබිණ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ 2020 ඔක්තෝම්බරයේදී කල් නොපිරුණු ඉක්මන් විශ්‍රාමයක් ලබාගෙන ඕස්ත්‍රේලියාවට ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහව මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීම සඳහා 2022 අප්‍රේල් ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසියේ කැඳවනු ලැබුවේ එවැනි පසුබිමකය. ඔහු කලක් ජා.මූ. අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් වොෂිංටනයේ සේවය කෙරුවෙකි. අප්‍රේල් මස 07 වන දින ලංකාවට පැමිණි ඔහු 08 වන දින පත්වීම භාර ගත්තේය. ඉන් දින සතරකට පසු අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව සියලු විදෙස් ණය ගෙවීම් අත්හිටුවන බැව් ඔහු මහ බැංකු අධිපති ලෙස ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව බංකොලොත් යැයි ඉන් කියැවින.

ඒ ප්‍රකාශය ඔහු කෙරුවේ, ඊළගට සිදු විය හැක්කේ කුමක්දැයි හෝ සිදුවිය යුත්තේ කුමක්දැයි හෝ නොදන්නා ආණ්ඩු පෙරැළියක් ඉල්ලමින් ගාලුමුවදොර පිටියට ගාල් කෙරුණු රාජපක්ෂ විරෝධය හමුවේය. #GotaGoHome කියූවත් ජනාධිපති ගෝඨාභයට පෙර මැයි මස 09 වන දින අගමැති රාජපක්ෂව තනතුරෙන් සහ නිල නිවසින් ඉවත් කෙරුණේ ප්‍රචණ්ඩ අරාජික කඩා වැදීමකින්ය. ඉන් දින 03 කින් මැයි 12 වන දින සවස හදිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය හමුවේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇතැයි ජනාධිපති විශ්වාස කරන මන්ත්‍රීවරයෙකු අගමැති ලෙස පක් කළ යුතු වූවත් විපක්ෂයේ තනි මන්ත්‍රී අගමැති කරන්නේ කවර දේශපාලන තක්සේරුවක් අනුව දැයි තවමත් නොකිය වෙන්නකි.

එසේ වූවත් අගමැති හැටියට ඔහුට වහා ඉන්ධන පෝලිම් සඳහා උත්තර සොයන්නට සිදුවිය. ලෝක බැංකු තොරතුරු අනුව, 2021 වසරේ අප ඉන්ධන ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි ජනරජයෙන්, ඉන්දියාවෙන්, සිංගප්පුරුවෙන්, මලයාසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන් ය. 2021 සිව්වන කාර්තුවේ සිට 2022 දෙවන කාර්තුව අවසන් වන විටත් අප බරපතල ඉන්ධන හිඟයකට හසුව සිටින්නට හේතු කාරණා දෙකක් තිබිය හැක. පළමුවැන්න තව දුරටත් ණයට ඉන්ධන දීමට ඒ රටවල් සූදානම් නැතැයි කීම විය හැක. දෙවැන්න, අපේ බලධාරීන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ කල් තබා ඇනවුම් නොකිරීමද විය හැක. බරපතල ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් සමග ඔහුගේ අභිමතය මත ඔහුට පත් කළ හැකි සහ ඔහුගේ යැයි කිව හැකි හරිහමන් ආණ්ඩුවක් නැති අගමැති වික්‍රමසිංහට, මාස දෙක තුනක් යන්නටත් පෙර ඉන්ධන ණයට දෙන්නට ඉදිරිපත්වන ජාත්‍යන්තර ඉන්ධන වෙළෙන්දෙකු සිටිය හැකිද?

මහ මැතිවරණයකින් පළමු වරට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ආණ්ඩු පාලනයට පත් වූයේ 2001 දෙසැම්බරයේදී ය. එකල මේ රටේ බරපතල ආර්ථික අර්බූද නොතිබුණි. එහෙත් ඔහුට තම අගමැති ධූරය වසර 03 ක් හෝ රඳවා ගැනීමට නොහැකි විය. නැවත 2015 ජනවාරියේ සිට අගමැති වූ රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නොහැකි විය. යෝධ ගෝලීය ව්‍යාපාර නිරීක්ෂණයෙහි සහ ආර්ථික විශ්ලේෂනයේ යෙදෙන “ෆෝබ්ස් සඟරාව” 2016 සැප්තැම්බර 30 වන දින, ඒ ගැන කියූවේ “….වත්මන් ආණ්ඩු පාලනය කලින්වූ පාලනයට වඩා හොඳ යැයි ඉන් කිසිසේත් කියැවෙන්නේ නැත. 2015 වසර ආරම්භයේ බලයට පැමිණි ජනාධිපති සිරිසේනගේ සහ අගමැති වික්‍රමසිංහගේ පාලනය යටතේ දේශීය ණය ගැනීම් සියයට 12 කින් සහ විදේශ ණය ගැනීම් සියයට 25 කින් වැඩි වූයේ කිසිදු මහපරිමාන යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කිරීමක්ද නොමැතිව” යැයි කියාය.

ඒ වන විට අගමැති වික්‍රමසිංහ ජා.මූ.අරමුදලින් සමස්ථ ආධාර මුදල වූ ඩොලර බිලියන 02.2 ක් ලබා ගැනීමේ ගිවිසුම් අත්සන්කර තිබිණ. ජා.මූ.අරමුදල 2016 ජුනි 03 වන දින නිකුත් කළ නිවේදනයෙහි කියා තිබුණේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මාස 36 ක වැඩ සටහනකට ඔවුන් සහාය දක්වන බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ කෙසේ වෙතත් 2015 දී ඩොලර් බිලියන 43.9 ක් වූ විදේශ ණය, 2019 නොවැම්බරයේදී අගමැති වික්‍රමසිංහ ඉවත් වන විට ඩොලර් බිලියන 56.1 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

සාමාන්‍ය තත්ත්වයන් සමගින්ද ආණ්ඩු පාලනයක් ගෙන යාමට නොහැකි වූ අගමැති වික්‍රමසිංහ මේ බංකොලොත් රට ගොඩ දැමීමට තරම් අතිශය දක්ෂ පාලකයෙකු වූයේ කෙසේද? නාගරික සමාජය ඔහු ගැන කියන්නේ ඔහු නොවන්නට විදුලිය කප්පාදු සමග ඉන්ධන පෝලිම් තවමත් තිබෙනු ඇතැයි කියා ය. ඔවුන්ට අනුව 2022 ජුලි 20 වන දින ජනාධිපති ලෙස දිවුරුම් දුන් වික්‍රමසිංහගේ විශිෂ්ට නායකත්වය නොවන්නට, මේ රට ගොඩ දැමීමට වෙනත් කිසිවකු නොවුනි.

ඒ වෙනුවෙන් නාගරික මැදපංතික විද්වත් පිරිස් මේ බරපතල බලහත්කාර ආණ්ඩු පෙරැළිය සාධාරණය කරන්නේ “ජනතා බලය” සතු ශක්තිය ගැන කීමෙනි. අප්‍රේල් මාසයේ සිට ජූලි පළමු සතිය අවසන් වනතෙක් ඉතා සාමකාමීව, කිසිදු බලහත්කාරයක් නොමැතිව #GotaGoHome විරෝධයට පූර්ණ ඉඩකඩ ලබා දුන් පොලීසිය හා ආරක්ෂක සේවා, තෙමසක විරාමයකින් පසු ජනාධිපති වික්‍රමසිංහ යටතේ සුපුරුදු රාජ්‍ය මර්දනය නැවත අතට ගත්තේ කෙසේදැයි මේ විද්වත් පිරිස් කතා කරන්නේ තබා අවධානය යොමු කරන්නේවත් නැත.

එනමුත් ආණ්ඩු මාරු කිරීමේ “කුමන්ත්‍රණ කතා” අපගේ වැනි බොහෝ රටවල නිතර අසන්නට ලැබෙන්නකි. ආර්ථික හා භූ-දේශපාලනික වුවමනාවන් මත සිදුවන ආණ්ඩු පෙරැළි ගැන කෙරෙන කුමන්ත්‍රණ කතා හැම විටම හිතලු නොවේ. ඇමෙරිකානු රජයේ තීන්දුවක් මත මැතිවරණයෙන් පත් කෙරුණු චිලියේ සල්වදෝර් අයන්ඩෙ ගේ වාමවාදී සභාග ආණ්ඩුව 1973 දී කුරිරු කුමන්ත්‍රණයකින් පෙරැළීම, හිස් කතාවක් නොවුනි. ඒ ගැන කෙටි සටහනක් තැබීම එනිසා වැදගත් යැයි සිතමි.

ආරම්භයේදීම කිව යුත්තේ මෙහි ඉදිරිපත් කෙරෙන උපුටා ගැනීම් සියල්ල “තොරතුරු දැනගැනීමේ නිදහස” නම් ඇමෙරිකානු පනත සහ “රාජ්‍ය රහස් වර්ගීකරණය” යටතේ ආරක්ෂක වාර්තා මුදා හැරීමේ පනතට අනුව ප්‍රසිද්ධ කෙරුණු නිල වාර්තා ඇසුරෙන් සහ එවැනිම වෙනත් නිල වාර්තා මගින් ලබා ගත් තොරතුරු වන බවය.

චිලියේ සල්වදෝර් අයන්ඩෙ බලයට පැමිණියහොත් චිලිය තවත් කියුබාවක් නැතිනම් තවත් සෝවියට් ලැදි රටක් විය හැකි යැයි නික්සන් පාලනය විශ්වාස කළේය. එනිසා ඔහු බලය ගැනීම වැලැක්වීමටත් බලය ගතහොත් ඉවත් කිරීමටත් ඇමෙරිකාව තීන්දු කරන්නේ 1970 සැප්තැම්බර 04 වන දින චිලියේ ජනාධිපතිවරණයටද කලින් ය. ඒ මැතිවරණයෙන් අයන්ඩෙට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය නොලැබුණෙන් වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් ලබා ගත යුතු විය. එබැවින් වොෂිංටනයේ සැළසුම් දෙකක් විය. එකක් වූයේ පාර්ලිමේන්තුවෙහි අයන්ඩෙ විරෝධයක් හැදීම ය. ඒ වෙනුවෙන් වියදම් කිරීමට චිලියේ ඇමෙරිකානු තානාපති එඩ්වඩ් කෝරිට ඩොලර් මිලියන 10 ක් ලබා දී තිබිණ. දෙවැන්න වූයේ අයන්ඩෙ ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහුගේ පාලනයට එරෙහි ජනතා විරෝධයක් සමග හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමය. ඒ තීන්දු ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංග ගේ සභාපතිත්වයෙන් ජනාධිපති රචඩ් නික්සන් පත් කළ “40 කමිටුව” මගින් ය.

අයන්ඩෙ පාලනය කෙසේ හෝ අවසන් කිරීමේ ඇමෙරිකානු අවශ්‍යතාව වූයේ සෝවියට් ඇසුරක් ඇති තවත් රටක් බිහි වීමේ අවදානමට වඩා ඔවුන්ගේ ව්‍යාපාරික ආධිපත්‍ය පවත්වා ගැනීම ය. ලොව විශාලම තඹ නිෂ්පාදකයා චිලියයි. ඒ සමාගම් වල බහුතර අයිතිය ඇමෙරිකානු සමාගම් සතු විය. එවගේම ඇමෙරිකානු යෝධ නිෂ්පාදන සමාගමක් වන අයි.ටී.ටී සමාගම චිලියේ දුරකතන සමාගමවූ “චිටෙල්කො” සමාගමේ සියයට 70 ක් කොටස් හිමිකර ගෙන තිබුණි. අයන්ඩෙ පාලනයක් යටතේ ඒවා ජනසතු කෙරෙනු ඇතැයි නික්සන් පාලනය අනුමාන කළේය. එනිසා ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වසර දෙකක් තිස්සේ අයන්ඩෙ බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. 

“නිව් යෝක් ටයිම්ස්” පුවත් පත, 1974 සැප්තැම්බර 20 වන දින “ජනාධිපති සල්වදෝර් අයන්ඩෙ ගොසෙන් බලයෙන් පහ කෙරෙන තෙක් ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව වර්ජනය කළ වෘත්තීය සමිති හා වෙළඳ සංගම් මාස 18 ට වැඩි කාලයක් රහස්‍ය ලෙස නඩත්තු කළ බැව්, බුද්ධි අංශ අද පිළිගත්හ” යනුවෙන් වාර්තා කළේය. 

මෙයද අපට වැදගත් ය. “තතු දත් අය කියූ පරිදි විශාල වශයෙන් වැය කරණු ලැබුවේ 1972 සරත් සෘතුවේ දින 26 ක් ජාතික ප්‍රවාහන වර්ජනයක නිරත වූ ලොරි හිමියන් වෙනුවෙන්ය.” එය චිලියානු ආර්ථිකය බරපතල ලෙස අඩාල කළ, ජනාධිපති අයන්ඩෙ මුහුණ දුන් පළමු දැවැන්ත කම්කරු විරෝධතාව වූයේ යැයිද වාර්තාවෙහි සඳහන් විය. ඒ සමග එහි සඳහන් වූයේ “1973 දී ඒ වර්ජන රැල්ලේ උච්චතම අවස්ථාව වන විට, එය වර්ජනය කළ ලොරි රියැදුරන් සමග සාප්පු සේවකයින් සහ වෙනත් වෘත්තිකයින් 2,50,000 ට වැඩියෙන් හවුල් වූ, මැදපංතික සමාජ ව්‍යාපාරයක් විය. ඒ සමග බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වූයේ, ප්‍රචණ්ඩ බල මාරුවක් වැළැක්විය නොහැකි වූ බවකි.”  

එවැනි නිල වාර්තා සියල්ල සම්පිණ්ඩනය කළ විට කතාව වන්නේ,

(1) නාගරික මැදපංතික අයන්ඩෙ විරෝධය, ඇමෙරිකානු මුදල් මත හැදුවකි 

(2) නාගරික විරෝධතා පාරට ගෙන එන්නට මාධ්‍ය, වෘත්තීය සමිති සහ වෘත්තිකයින්ගේ සංවිධාන වලට ඇමෙරිකානු ඩොලර පොම්ප කරනු ලැබිණ 

(3) චිලියානු හමුදාවෙහි අයන්ඩෙ විරෝධි නායකත්වයක් හදනු ලැබිණ 

(4) ඒ සියල්ල සන්තියාගෝ නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරියෙකු මගින් සම්බන්ධීකරණය කරනු ලැබිණ.

ඔගුස්තො පිනොචෙ බලයට එන්නේ ලේ වැකි හමුදා මර්දනයක් සමග සැප්තැම්බර 11 වන දින අයන්ඩෙ ඝාතනය කිරීමෙනි. මේ මෘග ආණ්ඩු මාරුවෙන් පසු පිනොචෙ, “චිකාගෝ බෝයිස්” යනුවෙන් ප්‍රසිද්ධ වූ ආර්ථික උපදේශන කමිටුවක් පත් කළේය. ඒ ආර්ථික කමිටුව සමග ජා.මූ.අරමුදල චිලියේ ආර්ථිකය නිදහස් වෙළඳපල ආර්ථිකයක් ලෙස ස්ථාපිත කළේය. ඒ වෙනුවෙන් පළමු වරට 1974 දී ජා.මූ.අරමුදල ඩොලර මිලියන 79 ක ණය ආධාරයක්ද චිලියට ලබා දුන්නේය.

දැන් අප ගැන කතා කළහොත් අපගේ වැදගත්කම ලොව බලවතුන්ට ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ පිහිටීමෙහි ය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 අප්‍රේල් මාසයේ නිදහස් කළ “ශ්‍රී ලංකාව – ඒකාබද්ධ උපාමාර්ග” නම් වාර්තාවෙහි පළමු වාක්‍ය කිහිපයෙන් ශ්‍රී ලංකාවේ ඉතා “සංවේදී” දේශපාලනික ස්ථානගතවීම සඳහන් කෙරෙන්නේ “21 වන සියවසේ කලාපීය බලපෑම සඳහාවන අරගලයේ ආකර්ශනීය සංවේදී කේන්ද්‍රය වන ශ්‍රී ලංකාව, තර්කයකින් තොරව, කලාපයේ මුහුදු ගමන් මගෙහි වඩාත්ම උපාමාර්ගික ලෙස පිහිටා ඇති එකම දේශය වන්නේය. වසරකට නැව් 60,000 ට අධික සංඛ්‍යාවක් – මුහුදු මගින් ප්‍රවාහනය කෙරෙන ලොව බොර තෙල් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ඇතුළුව බහළුම් ප්‍රවාහන නැව් වලින් අඩක්ද, 05 වන හා 07 වන නාවික සේනාංක අතර ගමන් ගන්නා සියලු ඇමෙරිකානු නැව් සංඛ්‍යාවද ශ්‍රී ලංකා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරති” යනුවෙනි.

චිලියේ සන්තියාගෝ නුවර අයන්ඩෙ විරෝධයත් ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටියේ රාජපක්ෂ විරෝධයත් අනතුරුව දෙරටෙහි ඊළග දේශපාලන වර්ධනයත් ඊට වැඩි සංසන්දනයකට තබන්නට අවශ්‍ය නැතැයි සිතමි.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

නායකත්වය සහ පෞරුෂය

මේ නායකයා සහ නායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුරු සංවාදයක් ඇතිව තිබෙනා මොහොතක්.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේත් විශිෂ්ට නායකයන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර සංවාදයක් ඇතිව තිබෙනවා.

නායකයා මෙවැන්නෙක් විය යුතු යැයි විවිධ අදහස්, ඒ සංවාදයේ පළ වී තිබුණා.

යථාර්තය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක නායකත්වයට නියමිත එක් රාමුවක් හෝ සම්මත සම්මිශ්‍රණයක් (Formula) නැහැ.

ඔබට ක්‍රිකට් ක්‍රීඩාවේ ඩ්‍රයිව් පහරක්, ෆුල් පහරක් එල්ල කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා.

පා දඟ හෝ පිට දඟ පන්දුවක් යවන ආකාරයත් එවැනිම තාක්ෂණික රාමුවකින් පුහුණු විය හැකියි.

නමුත් “නායකත්වය” යනු එවැනි රාමුවකින් පුහුණු විය හැකි දෙයක් නොවෙයි.

එය ඉවක්, සහජ සහ මෘදු හැකියාවක්.

ඇතැම් විටෙක එය අත්දැකීම් සමග ඔපමට්ටම් වන කුසලතාවයක්.

එය බුද්ධිමය ධාරිතාවය, මානව කළමණාකරන හැකියාව, ආත්ම විශ්වාසය සහ පෞරුෂය යන සාධක සමග සෘජුව බැඳී තිබෙනවා.

ඇතැම් විටෙක සාර්ථක ක්‍රීඩකයෙකුට පවා සාර්ථක නායකයෙකු විය නොහැක්කේ ඒ නිසයි.

උප නායකයා සහ කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයාව සිටි ශේන් වෝර්න් වෙනුවට රිකී පොංටින් ට ඕස්ට්‍රේලියානු නායකවත්වය හිමි වූයේ ඒ නිසයි.


ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක නායකයන්ගේ හැසිරීම් සහ ලක්ෂණ විශ්ලේෂණය කළ විට ඔවුන්ගේ නායකත්ව ප්‍රවේශයන් එකිනෙකට වෙනස්.

ඔවුන්ගේ පෞරුෂ, චරිත ලක්ෂණ සහ ඔවුන් සිය සාමාජිකයන් පාලනය කළ අයුරු වෙනස්.

ඔවුන් සතු වූ පොදු ගුණාංගය සිය කණ්ඩායමේ ගෞරවයට ලක් වීම සහ ඒ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාව ඉල්ලා සිටිනා දේ වටහා ගැනීමේ හැකියාව පමණයි.

අර්ජුන රණතුංග සාර්ථක නායකයෙක්. ඔහු දැඩියි. සිය කණ්ඩායම් සාමාජිකයන් තදින් පාලනය කළ නායකයෙක්.
ක්‍රීඩකයන් ඔහු දුටු විට අසුණින් නැගී සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම දිනූ, ලෝක පූජිත සනත් ජයසූරිය ලා පවා තවමත් අර්ජුන පිළිබඳ කතා කරද්දී ඔවුන්ගේ ස්වරයේ සහ ශාරීරික හැසිරීමේ ඇති ගෞරවය කොපමණදැයි පෙනෙනවා.

මහේන්ද්‍ර සිං දෝනි ද ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහු වඩා ප්‍රසිද්ධ මෘදු, සැහැල්ලු නායකයෙකු ලෙසයි.

යොවුන් ක්‍රීඩකයෙකුට අවශ්‍ය නම් ඔහුගේ කාමරයටම ගොස් ඔහු සමග වීඩියෝ ක්‍රීඩා කළ හැකියි.

ඉතා සැහැල්ලු, මිත්‍රශීලි ප්‍රවේශයකින් සිය ක්‍රීඩකයන් හැසිරවූ නායකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධයි.

නමුත් ඔහු කෝපගත් සහ දැඩිව සිය කණ්ඩායම මෙහෙයවූ අවස්ථාවන් ද නැතුවාම නොවෙයි.

එවැනි කතාවක් රවිචන්ද්‍රන් අශ්වින් සිය චරිතාපදානයේ ලියා තිබුණා.

ඒ ඉන්දීය කණ්ඩායමේ 2010 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයයි.

ෆෝර්ට් එලිසබෙත් හි පැවැත්වෙන තරගයක ඉන්දීය කණ්ඩායම පන්දු රකිමින් සිටියා.රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක්.එමෙන්ම කණ්ඩායමට වතුර ඇදීමේ වගකීම ද භාර වී තිබුණේ ඔහුටයි.
ඔහු කණ්ඩායමේ ක්‍රීඩා විවේකාගාරයට වී සිටියා. කණ්ඩායමට අවශ්‍ය සෑම විටකම වතුර ද රැගෙන පිටියට දිව ගියා.

එවන් මොහොතක කඩුලු රකිමින් සිටි නායක දෝනි ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“කෝ ශ්‍රී ?” දෝනි ඒ ඇසුවේ වේග පන්දු යවන ක්‍රීඩක ශාන්තකුමාරන් ශ්‍රීසාන්ත් පිළිබඳවයි.

ඔහු එම තරගයට ක්‍රීඩා කළේ නැහැ. එනමුත් ඔහු සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග ක්‍රීඩක විවේකාගාරයේ පහළ මාලයේ තරගය නරඹමින් සිටියේ ද නැහැ.ඔහු ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ කුටියක රැඳී සිටියා.

කඩුලු රකින අතරතුරම, ශ්‍රීසාන්ත් සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග නොමැති බව වටහා ගැනීමට තරම් තියුණු දෑසක් මහේන්ද්‍ර සිං දෝනි ට තිබුණා.ඒ සමගම ශ්‍රීසාන්ත් ට පහළට පැමිණ සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග එක්ව සිටිනා ලෙසට කියන්නැයි දෝනිගෙන් අශ්වින් ට උපදෙසක් ද ලැබුණා.

අශ්වින් ඉහළ මාලයට ගොස් ශ්‍රීසාන්ත් මුණ ගැසුණා.

දෝනි ඔහුට පහළට පැමිණෙන්නැයි කියූ බව අශ්වින් ශ්‍රීසාන්ත්ට කිව්වා.

එවිට ශ්‍රීසාන්ත් පෙරලා ඇසුවේ ඔබට තනිව වතුර ඇදිය නොහැකිද යන්නයි.

ශ්‍රීසාන්ත් තමන්ගේ ඉල්ලීම වෙනත් ආකාරයකින් වටහා ගෙන තිබෙන බව අශ්වින්ට වැටහුණා.

තමන් දෝනි ට කිසිවක් නොකී බවත්, එය හුදෙක් ඔහුගේ උපදෙසක් පමණක්ම බවත් අශ්වින් ශ්‍රීසාන්ත් ට පැහැදිලි කළා.

පසුව ශ්‍රීසාන්ත් පහළට පැමිණෙන බවට පොරොන්දු වූවත්, විනාඩි ගණනාවක් යනතුරුම පහළට පැමිණියේ නැහැ.

ඉන්පසුව අතිරේක ක්‍රීඩකයා ලෙස අශ්වින් ට පැවරුණු රාජකාරිය වූයේ හිස් ආවරණයක් (Helmet) කඩුලු රකින්නාට ගෙනයෑමටයි.

තරගයේ උණුසුම මැද දෝනි ට ශ්‍රීසාන්ත් අමතකව ඇතැයි අශ්වින් සිතූවත් දෝනි එවැනි නායකයෙක් නොවෙයි.
හෙල්මටය ලබා ගනිමින් දෝනි යළිත් ඇසුවේ ශ්‍රීසාන්ත් කොහිද යන්නයි.

අශ්වින් තමන් පණිවිඩය ලබා දුන් බවත්, ඔහු තවම පහළට පැමිණ නොමැති බවත් දෝනි ට කිව්වා.
දෝනි නිහඬ වුණා.

ඊළග පන්දු වාරයේ දී අශ්වින් ට යළිත් කැඳවීමක් ලැබුණා. එය හුදෙක් අවශ්‍යතාවයකට පවා පණිවිඩයක් සන්නිවේදනය කිරීමට බව අශ්වින් ට වැටහුණා.

ඒ මොහොතේ දෝනි බොහෝ සංසුන්ව සිටිනු අශ්වින්ට පෙනුණා.

නමුත් සංසුන් දෝනිගෙන් අශ්වින්ට ලැබුණේ ඔහු බලාපොරොත්තු වූ උපදෙසක් නොවෙයි.

“එක දෙයක් කරන්න, රංජිබ් සර් (කළමණාකරු) ලඟට ගිහින් ශ්‍රී මෙහෙ ඉන්නේ අකමැත්තෙන් බව කියන්න. ඔහුට හෙට දිනයේම ඉන්දියාවට යන්න ටිකට් වෙන් කරන්න කියන්න”
නායකයා වශයෙන් සිය උපදෙස් ඒ මොහොතේම පිළිනොගත් නවකයා ට මහේන්ද්‍ර සිං දෝනි සැලකූවේ එලෙසයි.

කෙසේවෙතත් අශ්වින් මේ පණිවිඩය කළමණාකරුවාට කීමට පෙර ශ්‍රීසාන්ත් ට කිව්වා.

ඔහුගේ ඉහමොල රත් වූයේ එවිටයි.ඉතාම ඉක්මණින් ශ්‍රීසාන්ත් සුදානම් වී පහළට ආවා.එපමණක් නොවෙයි, ඊළග වතුර විරාමයේ දී වතුර රැගෙන පිටියට දිවගියේ ඔහුයි.එනමුත් දෝනි ඔහුගෙන් වතුර ලබා ගත්තේ නැහැ.

ඒ වෙනුවට ඔහු යළිත් අශ්වින් කැඳවූවා.

සිය පණිවිඩය කළමණාකරුට ලබා දුන්නා දැයි ඇසුවා. ඒ මොහොතේ සිය නායකයාගේ දැඩි ස්වරය ඉදිරියේ තමන් අසරණ වූ අශ්වින් සිය චරිතාපදානයේ ලියා තිබෙනවා.

පසුව ශ්‍රීසාන්‍ත් නායකයාගෙන් සමාව ගත්තා. යළිත් එවැන්නක් සිදු නොකරන බවට කණ්ඩායම ඉදිරියේ පොරොන්දු වුණා.

එම සිදුවීමෙන් පසු තරගාවලියේ ඉදිරි තරග වලදී හෝ දෝනි නායකත්වය දරන තුරුම කිසිඳු අතිරේක ක්‍රීඩකයෙක්, කණ්ඩායමෙන් වෙන්ව හුදකලාව සිරීමට උත්සාහ කළේ නැහැ.

ඔවුන්ට ශ්‍රීසාන්ත් ගේ ඉරණම මතක තිබුණා.

අතිරේක ක්‍රීඩකයන්ට ක්‍රීඩා නොකළත්, තරගයක් නැරඹීමෙන් බොහෝ අත්දැකීම් එක් කරගත හැකියි.

තනතීරු වල හැසිරීම, ප්‍රතිවාදී ක්‍රීඩකයන් සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවන් මැනවින් අධ්‍යනය කිරීමට ක්‍රීඩා විවේකාගාරය කදිම නවාතැනක්.

එම අත්දැකීම් යම් දිනක ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී බොහෝ වටිනවා. දෝනි ඒ බව දැන සිටියා.
දෝනි ගේ දැඩි ප්‍රතිපත්තියෙන් ඉන්දීය නවකයන්ට ලැබුණු දයාදය එයයි.

නායකයෙක් යනු මෙවැන්නෙකු යැයි නිශ්චිතවම විග්‍රහ කළ නොහැකියි.

මන්ද රජ පවුලකින් ප්‍රංශ පාලනය උදුරා ගනිමින් සමස්ත යුරෝපයම යටත් කර ගැනීමට සිය හමුදාව මෙහෙය වූ නැපොලියන් අධිරාජ්‍යයා, සාමාන්‍ය පවුලක ඉපදුණු, ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක්.

නමුත් නායකයෙකුට සිය අනුගාමිකයන්ගේ ගෞරවය දිනා ගත හැකි විය යුතුයි.

අවශ්‍ය මොහොතෙහි ඔවුන් පාලනය කළ හැකි විය යුතුයි.

නායකයෙකු යනු ශ්‍රේෂ්ට පෞරුෂයක් විය යුතුයි. ආදර්ශයක් විය යුතුයි. අවශ්‍ය මොහොතේ මෘදු වීමටත්, අවශ්‍ය මොහොතේ දැඩි වීමටත් නායකයෙකුට හැකි විය යුතුයි.

මෘදු විය යුතු මොහොත පිළිබඳවත්, දැඩි විය යුතු මොහොත පිළිබඳවත් නායකයෙකුට ඉවක් සහ වැටහීමක් තිබිය යුතුයි.

මහේන්ද්‍ර සිං දෝනි ගෙන් උගත හැකි පාඩම එයයි.

(ඉරේෂාන් සිරිවර්ධන )

Continue Reading

Article

“යන්නේ කොහෙද – දන්නේ මොනවද” නොදන්නා උද්දච්ච ගැටයෝ – (කුසල් පෙරේරා) 

ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා.

හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි සද්දෙ දාලා කියන ගැටයින් දේශපාලන පක්ෂත් හදාගෙන, සමාජ මාධ්‍ය පුරා ලොකු කතා කියමින් යනවා.

ඔවුන්ගේ ජනප්‍රිය කතා දෙකක් තියෙනවා. එකක් තමයි “ඔය මහල්ලෝ දේශපාලනෙන් ඉවත් කරන්න ඕනෙ” කියන කතාව. අනෙක තමයි “අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවන්න ඕනෙ” කියන කතාව. ඉස්සෙල්ලා හැට පැනපු කතාවෙන් පටන් ගන්නම්.

වයසට යෑමේ ශාරීරික අපහසුතා නිසා රැකියා අත හැර යාම 19 වන සියවස වන විට එංගලන්තයේත් යුරෝපය පුරාමත් නිතර හමුවුන ගැටළුවක් වුනා. ඒ වනවිට ඔවුන්ගේ ශ්‍රම පලදායිතාවත් බොහෝ සේ අඩුව තිබුණා. ඒ පසුබිමෙහි, වයස 70 දී අනිවාර්යෙන් විශ්‍රාම යා යුතුයි කියා 1881 දී ජර්මනියේ රාජ්‍ය නායක ඔටෝ ෆන් බිස්මාක් තීන්දු කෙරුවා. එය පසුව 1916 දී අවුරුදු 65 දක්වා අඩු කෙරුනා. ඒ කාලයේ යුරෝපය පුරා මේ ප්‍රවනතාව දකින්න ලැබුණා.

මේ වයස් සීමා තීන්දු වුනේ කාරණා දෙකක් මත. එකක් ඒ සමාජයේ සාමාන්‍යයෙන් පිළිගැණුනු ශ්‍රමිකයාගේ ශාරීරික ශක්තිය හා පලදායිතාව අනුව. දෙවැන්න පුරප්පාඩු පුරවා ගැනීමට ඇති විරැකියාවේ සංඛ්‍යා මත. මතක තියා ගත යුතු වැදගත්ම කාරණාව නම් මේ යුගය, දෑතේ ශ්‍රමය මත නිෂ්පාදනය තීන්දු වූ යුගයක්. ඒ නිසා විශ්‍රාම වයස ගණන් හැදුනේ ශ්‍රමිකයාගේ ශාරීරික තත්ත්වය මත මිස, පාලකයාගේ වයස අනුව නොවේ.

දැන් අප නව සියවස සමග පැමිණ ඇත්තේ ශාරීරික ශ්‍රමය ගණන් නොහදන තාක්ෂණික ලෝකයකටයි. මේ නිෂ්පාදනය යාන්ත්‍රීකරණය වූ යුගයක්. දැන් ගණන් හැදෙන්නේ කුසලතා සහ දැනුමයි. ඒ වගේම මේ අප ඉන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේක්ෂිත ආයු කාලය ඉහළ ගිය නවීන ලෝකයකයි. 1950 දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 52.2 යි. එය 1960 දී අවුරුදු 59.1 යි. දැන් 2023 වන විට අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77.6 ක්. වෛද්‍ය පහසුකම් සමග නාගරික මැද පංතියේ වයස අවුරුදු 90 ඉක්මවන සංඛ්‍යාවත් ටික ටික ඉහළ යනවා.

ඒවගේම තව වැදගත් සාධකයක් තමයි තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අත්දැකීම් හා බුද්ධි වර්ධනය සමග පරිනත වෘත්තිකයින් හමුවන්නේ ගැටවර වයසේ නෙවෙයි. හැට පැන්නට පස්සෙයි. ඒ නිසා නවීන ලෝකයේ බොහෝ රටවල විශ්‍රාම යෑමේ අනිවාර්ය වයස් සීමාව එක්කෝ ඉහළ දානවා, නැතිනම් එය අනිවාර්ය නොකරන නිර්දේශිත වයස් සීමාවක් තීන්දු කරනවා. කැනඩාවේ අනිවාර්ය විශ්‍රාම යෑමක් නැහැ. ජාතික විශ්‍රාමික පහසුකම් ලැබීමට සුදුසු කම් ලබන්නේ අවුරුදු 60 දීයි. උපරිම පහසුකම් ලැබෙන්නේ අවුරුදු 65 න් පසු විශ්‍රාම ගිය විටයි. 2023 සිට ඕස්ත්‍රේලියාවේ විශ්‍රාම යෑමේ වයස 67 ක් කෙරුවා. පින්ලන්තයේ වයස අවුරුදු 64 ත් 69 ත් අතර විශ්‍රාම යා හැකියි. 2030 න් පසු විශ්‍රාම යෑමේ වයස් සීමාව ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය අනුව තීන්දු කරන්න සැළසුම්කර තියෙනවා. නෙදර්ලන්තයේ විශ්‍රාම යෑමේ වයස දැන් අවුරුදු 67 ක් වෙනවා. එය අපේක්ෂිත ආයු කාලය අනුව 2028 දී අවුරුදු 67 යි මාස 03 ක් කෙරෙනවා.

නූතන ලෝකය ගැන නොදන්නා ගැටවරයින්ට විශ්‍රාම යෑම ගැන කෙටියෙන් කියනවා නම්, මේ අප ඉන්නේ ඇඟේ හයියෙන් දර පලා මිටි බැඳ විකුණන යුගයේ නෙවෙයි. මේ මොලේ හයියෙන් ප්‍රශ්න විසඳන යුගයක්.

රටක ප්‍රශ්න විසඳන්න පුළුවන් තරුණකමට නෙවෙයි. එය කදිමට ඔප්පු කෙරුවෙ වයස අවුරුදු 44 ක් වුන එංගලන්ත අගමැති රිෂි සුනාක්. එයා 2022 ඔක්තෝම්බරයේ සිට මාස 18 ක් අගමැතිකම කරලා පසුගිය ජූලි 04 වන දා මැතිවරණයෙන් බ්රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය අවුරුදු 180 ට පසු ලැබුව අන්ත පරාජයට පත් කෙරුවා. චීන අසහාය නායක, ජනාධිපති සී ජිංපිං වයස අවුරුදු 71 ක් වෙලා තාම යෝධ රටක යෝධ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයනවා. දකුණු අප්‍රිකාවේ දෙවන වරටත් ජනාධිපති ලෙස පත් කර ගත් සිරිල් රැමෆෝසා ගේ වසය අවුරුදු 72 ක්. බංගලාදේශ අගමැතිනි ශෙයික් හසිනාට දැන් වයස අවුරුදු 76 ක්.

යන්නේ කොහේදැයි නොදන්නා මේ අලුත් ගැටවරයෝ අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවමු කියන එකටත් කෙටියෙන් උත්තර දීලම නවතින්නම්. අවුරුදු 75 ට පෙර නිදහස් ලංකාව පාලනය කරන්න පාර්ලිමේන්තුවට සර්වජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් අද නැහැ. වෙනකක් තියා 1970 පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් ඉන්නේ දෙන්නයි. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව විතරයි. දැන් එළවන්න ඉන්නේ පසුගිය අවුරුදු 45 ක් රට කෑව අය විතරයි.

නිදහසින් පස්සේ එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ප්‍රධාන වූ ‘56 ම.එ.පෙ ආණ්ඩුව පත් කරන විට, ලංකාවේ විධිමත් අධ්‍යාපනය කෙරුණේ ඉංග්‍රීසියෙන්. කොළඹ සහ පේරාදෙනිය විශ්ව විද්‍යාල වලට ඇතුළු වුනේ කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වගේ ප්‍රධාන නගර කිහිපයේ තිබුණු ලොකු ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු ළමුන් විතරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමාජයේ ප්‍රභූන්ට අයිති අධ්‍යාපනයක් වුනා. බහුතර සිංහල-දෙමළ ළමුන්ට උසස් අධ්‍යාපනයට ගොඩ වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ විෂමතාව ඉවත් කෙරුවේ ‘57 න් පස්සේ මව් බසින් පාසල් අධ්‍යාපනය පටන් අරගෙනයි. තමන් ඉගෙන ගත්තේ ඒ දේශපාලකයින්ට පින්සිද්ධ වෙන්න කියලාවත් නොදන්න මේ අලුත් ගැටවරයෝ ඒ දේශපාලකයින් රට කෑවා කියන්නේ මොනවා දැන ගෙනද?

අනෙක මේ අය දැන් අහලවත් නැති දහස් ගණන් ජීවිත විනාස වූ මැලේරියාව, වසූරිය, පෝලියෝව, බරවා රෝගය වැනි වසංගත මේ රටෙන් තුරන් කෙරුණේ 50-60 දසකවල පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නිසයි. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ යුගයේ ලාංකීය රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව ගැන වෙනත් රටවලට කියනවා. රට කෑවා කියන්නේ ඒ දේශපාලකයින්ටද?

අලුත් ගැටවරයින්ට කියන්නම අවශ්‍ය තවත් වැදගත් කතා කීපයක් තියෙනවා. දැන් ඉන්න මන්ත්‍රීවරුන් දන්නෙත් නැතුව ඇති ඔවුන්ට නිදහස් වාර්ෂික දුම්රිය බලපත්‍ර තියෙන බව. නමුත් 50, 60, 70 දසක වල විශේෂයෙන් උතුරු-නැගනෙහිර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ රාත්‍රී තැපැල් දුම්රියෙන්. ගාල්ලේ මන්ත්‍රී දහනායකත් නිතර රුහුණු කුමාරියේ කොළඹ ආව ඇමතිවරයෙක්. නිකවැරටියේ මන්ත්‍රී මුදියන්සේ තෙන්නකෝන් කොළඹ ආවේ ලංගම බස් එකෙන්. කැස්බෑවේ මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පොල් අතු වහනකොට වහලට නගින මන්ත්‍රීවරයෙක්.

මේ තව කතා කීපයක්. 1965 සිට එක දිගට අවුරුදු 05 ක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති යූ. බී. වන්නිනායක 1970 මැතිවරණයෙන් පරාජයවී, ගෙදර යන්න සූට් කේසයත් අරගෙන පිටකොටු යන බසයක් එනතුරු මේට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රාවස්ථිය ඉදිරිපිට බස් නැවතුම්පළේ සිටගෙන සිටිය වග දන්නවාද? ලාංකීය නියෝජිතයා වශයෙන් ‘65 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති එම්. ඩී. බණ්ඩා රෝමයේ පැවති ලෝක ආහාර සංවිධානයේ සම්මේලනයට යන්නට පෙර, ඒ කාලය තුල තමන්ගේ නිවසට ලබාදී ඇති නිල දුර කතනය විසන්ධිකර තබන ලෙස දිස්ත්‍රික් විදුලි සංදේශ ඉංජිනේරුවරයාට ලිඛිතව දන්වන බව දන්නවාද? විවේකයක් අවශ්‍යයැයි සිතුණු විට හවසක, 70 මුදල් ඇමති වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොල්ලුපිටියේ ලිබටි සිනමා ශාලාවේ චිත්‍රපටයක් බැලීමට ප්‍රවේශ පත්‍රය ගන්න පෝලීමේ ඉන්නා බැව් දන්නවාද? ඔහු මුදල් ඇමති වශයෙන් ආව ගියේ පෞද්ගලික වියදමින් ඉන්ධන ගසා ගෙන ඔහුගේ පෞද්ගලික වාහනයෙන් බැව් දන්නවාද? ඒ යුගයේ කිසිදු ඇමතිවරයෙක්, කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා හෝ පොලිස් ආරක්ෂාවක් ලබා නොගත් බව දන්නවාද? පුළුවන් නම් හන්දියේ පුංචි කොමියුනිකේෂන් කඩයක් කරලා, පාර්ලිමේන්තු ආවට පස්සේ සනුහරේටම කොළඹ යෝධ ගෙවල් අරන් දීපු මේ කාලේ මන්ත්‍රීවරයකු වගේ එක මන්ත්‍රීවරයෙක් ඒ කාලෙන් හොයලා දෙනව ද?

ඒ කාලයේ අද වගේ දූෂණ ගැන කතා අහන්න තිබුණේ නැහැ. ස්ත්‍රී දූෂණ ගැන අහම්බෙන්වත් අහන්න තිබුණේ නැහැ. “රන්ජනී කැබ්ස්”, දොස්තර කුලරත්න, පෝලින් කෲස් වගේ මිනී මැරුම් නඩු ගැන අහන්න ලැබුණේ ඉතාම කලාතුරකින්. ඒවා කොයිතරම් පුදුමාකර සිදුවීම්දැයි කිව්වොත්, ඒවා ගැන ලියූ කවි කොළ බස්වලත් විකිණුවා. අද වගේ “ටී-56” පාතාල චණ්ඩි එදා හිටියේ නැහැ. නමුත් ගමේ “සයිඩර්” පෙරුව චණ්ඩි හිටියා. ජනප්‍රිය වුනේ කර්තේලිස්, පොන්සේකා මහත්තයා, චොප්පෙ වගේ අතේ පයේ හයියෙන් පොලීසියටත් අභියෝග කළ ප්‍රසිද්ධියේ හිටිය නගරයේ ඇත්ත චණ්ඩි. අද වගේ කුඩු ජාවාරම්කාරයෝ හිටියෙත් නැහැ. එදා ගංජා, අබිං සාමාන්‍ය මත්ද්‍රව්‍යයක් හැටියට තමයි පහළ සමාජයේ තිබුණේ. 

නිදහසින් පසු පළමු අවුරුදු 30 ක පමණ කාලය, වෙනමම යුගයක්. වෙළඳාම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදා ගෙන තිබුණට, සමාජයේ හැමෝම එකට හිටියේ. සුහදත්වයක් තිබුණා. සංස්කෘතික ගනු දෙනු තිබුණා. ඒ බෙදීම් ප්‍රචණ්ඩ ලෙස, මෘග බෙදීම් ලෙස සමාජයට ගෙනාවේ 77 ජයවර්ධන යුගයේ සිටයි. 

ඒ පැහැදිලිවම එකිනෙකට වෙනස් යුග දෙකක්. පළමු යුගය මානුෂීය යුගයක්. ශිෂ්ඨ යුගයක්. ඒ යුගයේ ආණ්ඩු, රට සංවර්ධනය කරන්න ඉදිරිපත් කළ සැළසුම්වල තිබූ වැරදි දේශපාලන ගණන් හැදීම් ගැන අපි කතා කරමු. නමුත් “රට කෑම” පටන් ගන්නේ 1977 න් පසු ජයවර්ධන ජනාධිපති තහවුරු කළ නිදහස් වෙළඳපල ආර්ථිකය සමග බව තරුණ පරම්පරාව දැන සිටිය යුතුයි. එනිසා, අවුරුදු 45 ක් රට කෑව පරම්පරා වලට දැන් ඉන්න අලුත් පරම්පරාවේ හැමෝමත් අයත් වෙනවා. මේ විනාශයට වගකිව යුතු වෙනවා. දේශපාලකයින් අවුරුදු 75 ක් රට කෑවා කියා නිකම් බොරුවට කෑ ගසමින් තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ නැතුව, ඒ ඇත්ත ඉතිහාසය පිළිගෙන මේ වංචාකාරී, දූෂිත සමස්ථය වෙනස් කරන්න කතා කරමු.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Continue Reading

Article

නාමල්ගේ දේශපාලන බුද්ධිය – (එරන්ද ගිනිගේ)

“නාමල්ට හොඳ දේශපාලන බුද්ධියක් සහ රට ලෝකය ගැන අවබෝධයක් තියෙනවා, අපිට වඩා,” යැයි හිරු සලකුණ වැඩසටහනටසහභාගී වෙමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. එය වැදගත් ප්‍රකාශයක් වන්නේ “අපිට වඩා” එනම් එතුමාටත් වඩා දේශපාලන බුද්ධියක් සහ ලෝක අවබෝධයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබෙන බව රණතුංග මහතා පිළිගත් නිසා පමණක් නොව, තමන්ට වඩා වයසින් බාල වුවත් දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය අතින් තමන්ට වඩා උසස් අයෙකු ලෙස පිළිගැනීමට තරම් නිහතමානීත්වයක් ප්‍රසන්න රණතුංග මහතාට තිබෙන නිසාය.

තාවකාලික පින් ඇමතිකම්වලින් ඔළුව උදුම්මවා ගත් ඇතැම් දේශපාලන මැර බාලයන් විසින් අප වැනි සාමාන්‍ය පුරවැසියන්ට මරණ තර්ජනය කර අඩම්තේට්ටම් කර අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වළක්වන්නට හදන අතරතුර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඒ ආකාරයට නොහැසිරී නිහතමානීව තමාට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති අයට ප්‍රසිද්ධියේ ගරු කිරීම වටිනා ගුණාංගයකි. ඒ වෙනුවෙන් රණතුංග මහතාට මාගේ ස්තුතිය පුද කරමි.

ප්‍රසන්න රණතුංග මහතා නාමල්ගේ දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ගැන කියූ කතාවට මමද එකඟ වෙමි. දේශපාලන බුද්ධිය අතින් සැබැවින්ම නාමල් මට වඩා පොහොසත්ය. ඔහුට වසර පහළොවක පමණ දේශපාලන අත්දැකීම් තිබේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමීපයේ ඔහුට ලැබුණු දේශපාලන අත්දැකීම්ද තිබේ. ලෝක අවබෝධය පැත්තෙන් මා දකින්නේ නාමල්ට බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවය. ඔහු අවට ලෝකය වේගයෙන් සහ උනන්දුවෙන් කියවා ගන්නෙකි. එහෙයින් ඔහුට අනන්‍ය වූ ලෝක දැනුමක් තිබේ. ඇතැම් විට ඒ පුළුල් දැනුම නිසා ඔහු කතා කරන්නට ගිය විට නිමක් නැත. සිදුවීම් සහ අදහස් ගලාගෙන පැමිණේ. නමුත් ඔහු දන්නා සියල්ල විවෘතව නොකිව යුතුය යන්න මාගේ අදහසයි. ධර්මය ඇසුරෙන් නාමල්ට ලෝක අවබෝධය ඇති දැයි මම නොදනිමි. ඔහු බොහෝ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරයි. එබැවින් එම අවබෝධයද ඔහුට තිබිය හැකිය.

අපට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අප නිහතමානීව පිළිගත යුතුය. එය අපගේ යහපත පිණිස වේ. දේශපාලනය කරන බොහෝ අයට වෙන්නේ එලෙස තමන්ට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අහන්නේ නැතුව තමන්ගේ මෝඩකමට වැඩ කරන්නට ගොස් අසාර්ථක වීමයි. දේශපාලනය පමණක් නොව වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වෙන්නෙත් එයයි. එසේ නම් ප්‍රසන්න රණතුංග මහතා කියන ආකාරයට ඔහුට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති නාමල් රාජපක්ෂ නමැති දේශපාලනඥයා කියන දේ අප විවෘත මනසකින් ඇසිය යුතුය.

නාමල් නිතරම කියන්නේ අපේ මාතෘභූමියේ වටිනාකම් හඳුනන, අපේ සංස්කෘතික ගුණධර්ම හඳුනන, අපේ ජනතාවගේ දහදිය සුවඳ හඳුනන, නූතන තාක්ෂණික දැනුම මත පදනම් වන, එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හර පද්ධතිය පිළිගන්නා සහ අපගේ පාක්ෂිකයන්ගේ අභිමානයට ගරු කරන අයෙකු පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා විය යුතු බවය. ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ

Continue Reading
Advertisement
World4 hours ago

බංග්ලාදේශය තවමත් නොසන්සුන් – 39ක් ජීවිතක්ෂයට

Politics4 hours ago

රජයෙන් දෙන සහන පාරිභෝගියාට නොදුන්නොත් භාණ්ඩ සඳහා පාලන මිලක් දානවා – නලින්

Politics4 hours ago

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ

Politics5 hours ago

ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගන්නේ රනිල් වික්‍රමසිංහයි – වජිර

Hot News5 hours ago

මුතූර් ගඟේ පාළම අසලදී බස් රථයක් පෙරළෙයි – 30කට වැඩි පිරිසක් රෝහලේ

Politics5 hours ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News6 hours ago

ඇල්ල – කිතල් ඇල්ල මාර්ගයේ අනතුරක්, තුවාලකරුවන්ට උදව් කිරීමට ඇමති චාමරත් එයි

Hot News6 hours ago

ක්‍රිකට් ක්‍රීඩක ධම්මිකගේ ඝාතකයා අයිස් සමඟ කොටු වෙයි

Hot News7 hours ago

පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් විකිණූ අයෙක් අත්අඩංගුවට

Hot News7 hours ago

අනුරාධපුරයට භූ කම්පනයක්

Hot News8 hours ago

විජේදාස එපා කියපු 22 රනිල් ගැසට් කරයි

Hot News9 hours ago

රටේ දියුණුවන ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතුයි – ජනපති

Hot News9 hours ago

රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය ජනතා අයිතියට

Hot News10 hours ago

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකට එකවර BSOD දෝෂය හටගනියි

Hot News10 hours ago

ශ්‍රීලංකන් විකිණීම නවතියි

Hot News11 hours ago

රේගුවේ ලොකු මගඩියක් – ලොක්කෝ 4කගේ වැඩ තහනම්

Politics11 hours ago

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරනවා

Hot News13 hours ago

ලංකාවේ කුකුළු මස් චීනයට යවන්න අවසර

Hot News13 hours ago

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

Hot News14 hours ago

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තදබදයක්

Hot News14 hours ago

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා

Sports15 hours ago

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

Article16 hours ago

නායකත්වය සහ පෞරුෂය

Weather16 hours ago

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං පොඩ්ඩක් සැරවෙයි

Hot News1 day ago

පුළුවන් නම් කංජිපානිව ලංකාවට ගේන්න

Sports1 day ago

ශ්‍රී ලංකාව සමඟ සටනට එන ඉන්දීය T20 සහ ODI සංචිත නම් කරයි

Hot News1 day ago

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම ලබන සතියේ

Sports1 day ago

ගාලු කණ්ඩායම LPL අවසන් මහ තරගයට

Hot News1 day ago

ජනාධිපතිවරණයට අදාළව හදිසි තීරණයක්

Politics1 day ago

වාහන ආනයනය ගැන ඉක්මණින්ම සුබ ආරංචියක්

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News5 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News8 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Politics5 hours ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News4 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics5 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News5 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized6 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News6 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News1 week ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News2 weeks ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News2 weeks ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News2 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News3 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Advertisement

Categories

Trending