‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි අතිශය ආන්දෝලනාත්මක සිනමා පට හරහා ක්ෂේත්‍රය කැළඹීමකට ලක් කළ ‘අනෝමා ජනාදරී’ යනු ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.
සිය සමාජ මාධ්‍ය තුළත් විටින් විට ‘අඩනිරුවත්’ සහ ‘සරාගී’ සේයාරූ පළ කරන ඇය කිහිප වතාවක් ම ‘ප්‍රසිද්ධ චරිත’ හා ප්‍රසිද්ධියේ ම ඇවිලුණු වගත් ඔබ නොදන්නවා වෙන්න බැහැ.
ඒ කෙසේ වෙතත්, ඇයට ප්‍රිය කරන බොහෝ පිරිසක් ද සිටිනවා.
පසුගිය දිනෙක ඇය නවපරපුරේ නිළියන් වන ‘ශලනි තාරකා’ සහ ‘දුශේනි සිල්වා’ සම්බන්ධයෙන් පළ කෙරූ සමාජ මාධ්‍ය සටහනක් ද බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.
‘දුශේනි ලස්සන කෙල්ල හින්දා ඉක්මණින් සිනමා නිර්මාණ ලැබුණා. ඒකට ශලනිට පැළෙන්න ඉරිසියයි..’
ඇය මීට පෙර ද කිහිප වතාවක් ම ‘ශලනි තාරකා’ගේ සිනමා ආගමනය සම්බන්ධයෙන් බරපතල ලෙස විවේචනය කොට තිබුණා.
‘ශලනි’ ක්ෂේත්‍රයට පිවිසියේ ‘දක්ෂතාවය’ අනුව යමින් නොවන බැව් ද කියූ ඇය ශලනිගේ මව සම්බන්ධයෙන් ඒ සමයේ බොහෝ තොරතුරු සමාජ මාධ්‍යයේ ලියා තිබුණා.