හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි ව්‍යාපාරිකයෙකුගේ අස්ථානගත වු මුදල් පසුම්බිය අහුලා තරුණයන් දෙදෙනෙකු විසින් නල්ලතන්නිය පොලිසිය වෙත පසුගිය දා භාරදුන් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.
ගාල්ල යක්කලමුල්ලේ සිට සිය පවුලේ සමාජිකයන් සමග පැමිණ ඇති එම ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ රු එක් ලක්ෂ තිස්දහක මුදලක් සහ බැංකු කාඩ්පත් කිහිපයක් තිබු බවත්, එම ව්‍යාපාරිකයා නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර මුදල් පසුම්බිය අමතක වි ඔවුන් අසුන්ගෙන සිට බංකුවක් මත තබා ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කර ඇත.
ශ්‍රි පාද උඩ මළුවේ සිට පහලට බසමින් සිටි තරුණයන් දෙදෙනෙකු එම මුදල් පසුම්බිය අහුලා අයිතිකරු වෙත භාර දෙන ලෙස තමන් වෙත භාරදුන් බවත්, ඒ අනුව මුදල් පසුම්බිය අයිතිකරු සොයා භාර දුන් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
මුදල් පසුම්බියේ අයිතිකරු සහ මුදල් පසුම්බිය සොයාදුන් තරුණයන්ගේ දුරකථන අංකය පොලිසිය වෙතින් ලබාදෙන අප ප්‍රථමයෙන් මුදල් පසුම්බියේ අයිතිකරු වන ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි කේ.කේ.සුනිල් (63) මහතාගෙන් ශ්‍රි පාද අඩවියේදි අස්ථානගත වු ඔහුගේ මුදල් පසුම්බිය යලි හමුවිම සම්බන්ධයෙන් විමසා සිටි අවස්තාවේ ඔහු කියා සිටියේ,
මමයි මගේ බිරිදයි පවුලේ සමාජිකයන් එක්ව හැටන් මාර්ගය ඔස්සේ ඉකුත් (07) දින ශ්‍රි පාද වන්දනාවේ ආවා,
මම ව්‍යාපාරයක් කරන කෙනෙක් , සිත ගගුලේදි පඩුරු ගැට ගහලා මුදල් පසුම්බිය අමතක වෙලා වාඩි වෙලා හිටපු බංකුව මත තියලා ගිහින්,
රතු අම්බලම හරියට යනකොට මුදල් පසුම්බිය අවශ්‍යතාවයක් සදහා ගන්න හදනකොට මුදල් පසුම්බිය නොමැති බව මට තේරුණා , මම ඒ අවස්තාවේ රතු අම්බලම පොලිස් මුරපොලට පැමිණිල්ලක් කරලා ශ්‍රි පාද උඩ මළුව දක්වා ගොස් වැද පුදාගෙන මුදල් පසුම්බිය නැවත හමුවන ලෙසට සමන්දෙවියන්ට පඩුරක් ගැට ගහලා තමයි පහලට බැස්සේ,
පහලට බහිනකොට නල්ලතන්නිය පොලිසියෙන් මට පණිවිඩයක් ලැබුණා මගේ නැතිවුණ මුදල් පසුම්බිය තරුණයන් දෙදෙනෙකු අරගෙන ඇවිත් පොලිසියට භාර දුන්නා කියලා,
එම මුදල් පසුම්බියේ රු එක් ලක්ෂ තිස් නවදහසක පමණ මුදලක් , බැංකු කාඩ්පත් කිහිපයක් තිබුණා, අද වගේ කාලයක හැමෝටම මුදල් අවශ්‍යයි , හැබැයි මේ බුද්ධිමත් තරුණයන් දෙදෙනා රටට අදාර්ශමත් ක්‍රියාවක් කරලා තියෙන්නේ,
අනුන්ගේ දෙයක් තමන් සතු නොකරගෙන මුදල් පසුම්බිය නියම අයිතිකරුට ලබාදෙන්න පොලිසිය වෙත ලබාදි තිබුණා,
එම තරුණයන් දෙදෙනාගේ දුරකථන අංකය මම පොලිසියෙන් ලබාගෙන දෙදෙනාටම කතා කරලා මගේ සිය ස්තුතිය පුද කලා,
මුදල් පසුම්බිය ආපසු මට භාර දෙන්න නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සහ පොලිස් මුරපොලේ නිලධාරින් මට ලොකු සහයෝගයක් දැක් වුවා ඒ අයටත් මම ස්තුතිවන්ත වෙනවා යනුවෙන් පැවසිය.
මුදල් පසුම්බිය සොයාදුන් මහනුවර වත්තේගම පදිංචි ටි.ජි.ඒ.සාලිය (27) මහතාගෙන් අප කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ මමයි මගේ යාලුවා වන බි.එම්.එල්.එච්.සුභසිංහයි වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ උපාධිය ලබාගෙන අපි දෙන්නම පෞද්ගලික අංශයේ රැකියා වල නිරත වෙනවා,
අපි දෙන්නා යාලුවෝ කිහිපදෙනෙක් එක්ක රත්නපුර දෙහෙනකන්ද මාර්ගයෙන් තමයි ශ්‍රි පාද වන්දනාවේ ආවේ,
අපි මළුවට ඇවිල්ලා පහලට බහිනකොට (08) දින පාන්දර 4 ට විතර ඇති ,එදා ශ්‍රි පාදයට ගොඩාක් සෙනග ඇවිල්ලා තිබුණා , අපි සීත ගගුල හරියට එනකොටත් විශාල සෙනගක් හිටියා,
අපි දැක්කා සීත ගගුල හරියේ වාඩිවෙන්න හදලා තියෙන බංකුවක් මත මුදල් පසුම්බියක් තියෙනවා , පස්සේ අපි දෙන්න මුදල් පසුම්බිය අරගෙන බලනකොට සල්ලි ගොඩාක් තියෙනවා දැක්කා,
අපට එය එතන තියලා එන්නත බැ , වෙන කෙනෙක් ගත්තොත් එම මුදල් පසුම්බිය නැති වෙන්න ඉඩ තියෙන නිසා අපි යාලුවා එක්ක කතා වෙලා මුදල් පසුම්බිය ගෙනල්ලා අයිතිකරු සොයාදෙන්න කියලා නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දුන්නා.
මම ගෙදර එනකොට පොලිසියෙන් මට දුරකථන ඇමතුමක් ලබාදිලා කිව්වා මුදල් පසුම්බිය අයිතිකරුටම දුන්නා කියලා,
පස්සේ මුදල් පසුම්බියේ අයිතිකරු මටත් මගේ යාලුවටත් කතා කරලා මුදල් පසුම්බිය අහුලා පොලිසියට භාරදිම ගැන ප්රශංසාත්මකව අපට ස්තුතිය පුද කලා,
අපට එකෙනේ ගොඩාක් සතුටක් ලැබුණා යනුවෙන් පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)