2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස 26 දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව, ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ ලබන මස 25 දින ඉපැරණි චාරිත්‍ර අනුව මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්ය. ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදිම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සඳහා පසුගිය දා නල්ලතන්නියේ පැවති සාකච්ඡාවේදිය.