අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25) සිදු කෙරුණා.

මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරී ආරම්භ කල පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට, අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර, පිරිත් නූල් බැඳ ආශිර්වාද කර තිබෙනවා.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගෙන් කල ඉල්ලීමකට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කර තිබුණා.

මෙම අවස්ථාව සඳහා උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here