Sports

ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 03 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් හා නොදැවී පන්දුවට පහරදුන් සධීර සමරවික්‍රම ලකුණු 61 ක් හා චරිත් අසලංක ලකුණු 44 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 203 ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version