සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූණා.

ඒ අනුව එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණය කළ අතර සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 96 ක් පමණයි.

එහිදී වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා.

එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වෙනවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 97 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here