Sports

ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයට යන්න පුළුවන් ?

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමඟ පැවති තරගය පරාජයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි වීමේ අවදානමකට අද ලක්වුණා.

ශ්‍රී ලංකාව මේවන විට මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාව මේ වනවිට ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වෙනවා.

ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ නේපාලය සහ අයර්ලන්තය අතර තරග දෙක පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට තවමත් සුළු අවසථාවක් පවතින අතර ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරග දෙකම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වාගනිමින් ජය ගත යුතු වනවා.

ඊට අමතව එම කාණ්ඩය තුළ සිටිනා අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් මත රැඳී සිටින්නට ද ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version