2024 වසරේ ආසියානු කලාපයේ රටවල් අතරින් දෙවන ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ ආයතනය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙම ලැයිස්තුවේ ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතරින් පළමු තැන හිමිවී ඇත්තේ ඉන්දුනීසියාවේ බාලි දූපත් සමූහයටයි.
සංස්කෘතික උරුමයන්, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධ දූපතක් ලෙසින් ඔවුන් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, කාශ්මීරය, වියට්නාමය, අන්දමන් දූපත්, නේපාලය සහ ජපානය ද ආසියානු කලාපයේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත ලෙස ලැයිස්තුගත කර තිබේ.
මෙම ගමනාන්තයන් තුළ සංචාරකයන්ට විවිධ සංස්කෘතික අත්දැකීම්, ස්වභාවික සුන්දරත්වය සහ විවිධ ආකර්ෂණිය ස්ථාන දැක බලා ගැනීමට හැකිවන බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා පෙන්වා දෙන්නේ.